2019 මැයි 18 වන සෙනසුරාදා

සුන්දර පොල්හේනේ මුහුදු තටාකය

 2019 මැයි 18 වන සෙනසුරාදා, පෙ.ව. 08:00 154

සුන්දර පොල්හේන වෙරළ පිහිටලා තියෙන්නේ කොළඹට කිලෝමීටර් 98ක් විතර දුරින් මාතර නගරය කිට්ටුව. පහුගිය කාලේ මේ වෙරළ දේශීය සංචාරකයන් අතර ප්‍රසිද්ධම ගමනාන්තයක් බවට පත්වුණා. මේ නිල්වන් වෙරළ තීරයේ සංචාරයට විශේෂ තැනක් වෙන්න හේතු ගණනාවක් තියෙනවා එයින් ප්‍රධාන හේතුව ස්වාභාවික වෙරළ තටාකයක් කිව්වොත් හරියටම හරි. පොල්හේන කියන්නේ කොරල් පර වලින් ආරක්ෂිත වෙලා සැඩරළ නොඑන්නට ජලයෙන් පිරිලා තියෙන බය නැතුව පුංචි දරුවෙක්ට වුණත් නාන්න, පීනන්න ආරක්ෂිත තැනක්. ඒක තමයි මේ විශාල සංචාරක ආකර්ෂණයේ රහස.

ඉතින් පවුලේ අය එක්ක ඇවිත් බොහොම සතුටින් වරුවක් ගතකරලා යන්න පොල්හේන බොහොම ගැලපෙන තැනක්. ආහාර පාන, දකුණටම ආවේණික දේ පටන් අවශ්‍ය ඕනෑම ආහාරයක් ලබාගන්නට හෝටල්, කුඩා අවන්හල් වගේම විශාල ප්‍රිය සම්භාෂණ පවත්වන්න සුදුසු ස්ථාන පවා පොල්හේනේ පිහිටා තිබෙනවා.

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00