2019 මැයි 11 වන සෙනසුරාදා

කන්ද උඩරට කාමර සීයේ රජදහන Grand Kandaya

 2019 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30 152

Grand Kandaya හෝටලය මහනුවර තිබෙන නවීන පහසුකම්වලින් සපිරි තරු පහේ හෝටලයක්. උණුසුම් ආගන්තුක සත්කාර භුක්ති විඳින ගමන් අපේ සංස්කෘතිය ගවේෂණය කරන්න මෙතැන අපූරු ස්ථානයක්. දළදා මාලිගාවට මිනිත්තු දහයක දුරින් තමා Grand Kandaya පිහිටලා තියෙන්නේ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවත්වපු ජාතික සංචාරක සම්මාන උළෙලකදී “Best Five Star Hotel” සම්මානය දිනාගත්තේත් Grand Kandaya හෝටලය. ඒ වගේම සම්මානය වගේම ප්‍රමිතිකරණ සහතික රැසකට මේ හෝටලය උරුමකම් කියනවා. නවමු විදිහට සංචාරකයන්ට පහසුකම් සපයන ඔවුන්ගේ නිරන්තරයෙන් ඓතිහාසික හා ස්වාභාවික වටිනාකමකින් යුතු ස්ථාන ගවේෂණය කරන්න සංචාරකයන් යොමුකරනවා.

මේ අතරින් හීල් ඔය සංචාරක ගම්මානය විශේෂයි. මහනුවර නගරයෙන් කිලෝමීටර් 30ක් දුරින් තිබෙන මේ ගම්මානය කුඹුරු යායවල්වලින් දියඇලිවලින් සමන්විත සංචාරක ආකර්ෂණ දිනාගන්න තැනක්. මෙතැනදී වසර දෙසීයකට ඉහත ශ්‍රී වික්‍රම රාජසිංහ යුගය සිහි ගන්වනවා.

Grand Kandaya සුඛෝපභෝගී කාමර 100කින් සමන්විතයි. ඒ අතරට Presidential Suites දෙකක් Grand Presidential Suite එකක් සහ Junior Suites පහක් ඇතුළත් වෙනවා. ඊට අමතරව Honeymooners Suites තුනක් සහ Deluxe Rooms අසූ නවයකුත් තියෙනවා. මෙහි එන අමුත්නන්හට රාජකීය සැලකිලි ලැබෙනවා කියලා කිව්වොත් හරියටම හරි. පිහිනුම් තටාකය ඇතුළු තවත් පහසුකම් රාශියක් ඊට ඇතුළත්.

ආහාර පාන ගැන කතාකළොත් විශේෂයෙන්ම සාම්ප්‍රදායික උඩරට ආහාර පිරිනැමීම මෙහිදී සිද්ධවෙනවා. ඒ වගේම ලෝකයේ ඕනෑම ආහාර වර්ගයක් මෙහිදී ලබාගන්නත් පහසුකම් තියෙනවා. ඉන්දියානු අවන්හලක් වගේම තායි අවන්හලක් මෙහි පිහිටලා තියෙනවා. ඉන්දියානු අවන්හල මහනුවරටම තියෙන විශේෂිත එකක්.

හීල්ඔය සහ හුන්නස්ගිරි කඳුකර අත්දැකීම්වලට අමතරව මේ මෙහි පැමිණෙන සංචාරකයන්ට අපූරු ගමනාන්ත රාශියක් මේ අවට තියෙනවා. මීමුරේ,  පින්නවල, තේ කෞතුකාගාරය, උඩවත්ත කැලේ, වික්ටෝරියා, රන්දෙණිගල, මහියංගනය කියන්නේ එයින් කිහිපයක් පමණයි.

සනත් වීරසූරිය
සේයාරූ - ශාන් බන්දු වීරසිංහ

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00