2019 මැයි 11 වන සෙනසුරාදා

මතක් වෙනකොටත් කටට කෙළ උනන කෑම PLUS NINE FOUR Cafe එක

 2019 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30 75

මේ සටහන කොළඹ 5, ඩී.එස්. ෆොන්සේකා මාවතේ තියන PLUS NINE FOUR කියන Cafe එක ගැනයි. හැමෝම වගේ දන්න Cafe kumbuk වල සහෝදර ශාඛාවක් විදිහටත් හඳුන්වන්න පුළුවන්.

මෙහි හිමිකාරිනියන්, ශානා සහ ඩිනාලි දන්දෙණිය පැවසුවේ ඔවුන් අලුත් ශාඛාවක් ආරම්භ කරන්න සිතීමේ ප්‍රතිඵලය ලෙස plus nine four ආරම්භ වූ බවයි. Cafe Kumbuk වලට යම් යම් සමානකම් තිබුණත් මෙතැනටම ආවේණික අපූර්වත්වයකින් මෙතන නිර්මාණය වෙලා තියනවා. හරිතවත්, නැවුම්, සිතට ප්‍රිය උපදවන තැනක් කිව්වොත් නිවැරදියි. මෙතනට යොදල තියන අපූරු නම පිළිබඳ විමසුවම ඔවුන් පැවසුවේ ලංකාව පිළිබඳ යම් ඉඟියක් සහිත නමක් යොදන්නට ඔවුන්ට අවශ්‍ය වුණා කියලා. ඉතින් ඔබ පුදුම හිතෙයි ඔවුන් ඔවුන්ගේ වෙළඳ නාමය ලෙස යොදාගෙන තියෙන්නේ +94 කියන ලංකාවේ telephone code එක කියලා දැනගත්තම.

මෙතනදී මගේ තෝරාගැනීම් වුණේ The Polsambol Topped Toast with Bacon, රසම රස Coffe Caramal Ice cream Tart, මතක් වෙද්දිත් කටට කෙළ උණන Achcharu Drink,  Hybrid Dish එකක් වුණු Sweet Croffle සහ නැවුම්, සරල ආහාරයක් වුණු Fried calamari.

ඇතුළත සීමිත ආසන සංඛ්‍යාවකින් යුතු වුණත් වදවෙන්න දෙයක් නෑ. අපූරු උද්‍යාන වටපිටාවේ ලී අසුන් මත හිඳගෙන සෙවණැලි යට වෙන්කරපු මේසවල ආහාර රසවිඳිනකොට දැනෙන සුවය වචනවලින් කියන්න බෑ. ඒ වගේම දහදිය දාන්නෙත් නෑ. විශේෂයෙන්ම ඔවුන් ඔබට WiFi Password එකත් ලබාදෙනවා. ඉතින් මේ හරිතවත් වටපිටාවේ ඉඳන් රසවත් කෝපි එකක් රස බලන එක ඔබටත් අමතක නොවන අත්දැකීමක් වේවි.

- ධනූ
You’re My Favorite