2019 මැයි 04 වන සෙනසුරාදා

පුංචි කඳුගැටයක් මත රහසිගත නවාතැන Secret View Hotel

 2019 මැයි 04 වන සෙනසුරාදා, පෙ.ව. 12:30 175

ලංකාවට පැමිණෙන සංචාරකයන්ගේ අනිවාර්ය ගමනාන්තයක් තමයි මහනුවර කියන්නේ. මහනුවර පුරවයේ “කොළඹ 07” ලෙසින් හඳුන්වන අන්නිවත්ත මෙම සංචාරයන්ට විශාල වශයෙන් පහසුකම් සලසන ප්‍රදේශයක්. 

මේ කතාකරන්න යන්නෙ අන්නිවත්ත ප්‍රදේශයේ පුංචි කඳුගැටයක් මත පිහිටල තියන Secret View Hotel කියන සුන්දර නවාතැන ගැන. නගරයේ කලබලය මගහැරලා නිස්කලංක වටපිටාවක් මවන Secret View Hotel හී විශේෂත්වය තමයි අංශක 270ක් පුරා පෙනෙන හන්තාන, නකල්ස්, හුන්නස්ගිරිය සහ මහනුවර නගරයේ හාත්පස දර්ශනය.

Secret View Hotel හී පවතින සුඛෝපභෝගී කාමර දහය Superior Rooms 4කින්, Deluxe Rooms 3කින් සහ අභ්‍යන්තරයෙන් සම්බන්ධ වුණු Double Rooms 3 කින් සමන්විතයි. කුඩා දරුවනුත් ඇතුළුව උපරිම අමුත්තන් 15 කට මෙහි ලැගුම්ගන්න පුළුවන්. කාමර 10ම පෞද්ගලික බැල්කනියක්, A/C, Free WiFi, Free Wired Internet සහ Led TV එකකින් සමන්විතයි. ඒ වගේම Lobby එකේ තවත් විශාල රූපවාහිනී තිරයක් ඔබේ විනෝදාස්වාදය සඳහා වෙන්කරල තියෙන බවයි මෙහි හිමිකරු අකලංක චාමර බණ්ඩාර මහතා පවසන්නෙ.

Secret View හිදී සුවිශේෂී ලාංකීය ආහාර වගේම ඉංග්‍රීසි, ජපන්, චීන, ඉන්දියානු සහ ඉතාලියානු ආහාරත් රසවිඳින්න පුළුවන්. විශේෂත්වය තමයි ඔවුන් මේ හැම ආහාරයකම ආහාර සම්ප්‍රදාය රැකගෙන අව්‍යාජව පිළිගන්වන එක. ඔවුන් කියන විදිහට නුවර ගමක සරල ආහාර වේලක ඉඳන් තරු පන්තියේ ආහාර වේලක් දක්වා ඔබට මෙහිදී රස විඳින්න පුළුවන්. ඒ වගේම විශේෂ BBQ Night එකක් වුණත් ඔවුන් ඔබට සූදානම් කර දෙන්න ලෑස්තියි. ඒ වගේම ආගන්තුකයන්ගේ විශේෂ ඉල්ලීම් පිළිබඳවත් ඔවුන් සලකා බලනවා.

Secret View Hotel හී ලැගුම්ගන්න ඔබට ගඩලාදෙණිය, ලංකාතිලකය, ඇම්බැක්කෙ, පේරාදෙණිය උද්භිත උද්‍යානය, නකල්ස්, වික්ටෝරියා ගොල්ෆ් පිට්ටනිය, වික්ටෝරියා වේල්ල වගේ පාරිසරික ඓතිහාසික ස්ථානවලටත් විනෝදාස්වාදය ගෙනදෙන ස්ථානවලටත් පහසුවෙන් ළඟාවෙන්න පුළුවන්. ඒ වගේම ත්‍රාසජනක අත්දැකීම්වලට පරිසරික අත්දැකීම්වලට ප්‍රියකරන සංචාරකයන්ට කුරුල්ලන් නරඹන්න, ඇවිදින්න, විනෝද ගමන්වලට උඩවත්ත කැළේ ප්‍රදේශයේ පහසුකම් සැලසෙනවා. එවැනි සංචාරකයන් අතර නකල්ස්, පින්නවල, හුන්නස්ගිරිය වගේ ස්ථානත් ප්‍රසිද්ධයි.

නිස්කලංක නිවාඩුවකට අපූරු නවාතැනක් වන Secret View Hotel වලට පවුලෙ අයත් එක්ක ඇවිත් සුන්දර අත්දැකීමක් විඳගන්න ඔබටත් පුළුවන්. ඒ වගේම මධුසමය ගතකරන්නන්ටත් ආදරණීය වටපිටාවක් වන Secret View හෝටලය ඔවුන් වෙනුවෙන් විශේෂ පහසුකම් සපයන්නත් සූදානම්.

සනත් වීරසූරිය
සේයා රූ - ශාන් බන්දු වීරසිංහ

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00