2019 අප්‍රේල් 20 වන සෙනසුරාදා

මැලේසියානු කෑම වේලක රස - සුවඳ වෑහෙන RappaRich

 2019 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 140

2005දී ආරම්භ කරපු RappaRich කියන්නෙ ලෝකය පුරාම මැලේසියානු ආහාර ජනප්‍රිය කරවපු අවන්හල් නාමයක්. දකුණු ආසියාවේ, ඕස්ට්‍රේලියාවේ වගේම යුරෝපයේත් රටවල් ගණනාවක දකින්න පුළුවන් RappaRich අවන්හලක් දැන් ලංකාවේත් තිබෙනවා. Park street එකේ Parkland ගොඩනැගිල්ලේ තමයි මේ අවන්හල තියෙන්නේ. රස, සුවඳ වගේම පෙනුමත් හරිම ආකර්ශනීය උසස්ම තත්ත්වයේ මැලේසියානු ආහාර වේලක් මෙතනදී ඔබට රස බලන්න පුළුවන්.

මම මෙතනදි මුලින්ම රස බැලුවේ 3leyar Tea සහ Syrup Bandung Jelly කියන කිරි මූලික කරගෙන හදන Cool Drinks වර්ග දෙක. මේ බීමවර්ග අතුරුපසක් විදිහටත් ගැලපෙනව කියලයි මට හිතුණෙ. ඒ වගේම මම Hot Tea Tarik කියන කිරි තේ එකත් රස බැලුවා.

මම කෑම වර්ග ආරම්භ කළේ ලුණු රසට හැපෙන Fried foo Chok  එකකින්. කෑම නවත්තන්න බැරි තරමට රසවත්. ඒ වගේම Rapparich වලදී අනිවාර්යයෙන්ම රස බැලිය යුතු Seafood char kway teow, සැර වගේම පැණි රසත් හොඳට සංකලනය වුණු Nasi lemak with Curry Chicken and Sambal Prawns වගේම රසවත් Hainan Fried Chicken Rice එකකුත් ප්‍රධාන ආහාර වේල විදිහට මම තෝරගත්තා.

මම අතුරුපස විදිහට තෝරගත්තෙ ABC special with Ice cream. Ice උඩට සිරප් එකතු කරලා වැනිලා අයිස්ක්‍රීම් හැන්දක් එක්ක පිළිගන්වන මේ අතුරුපස හරිම වර්ණවත්. මේකට එකතු කරල තිබෙන Sweet Corn, Peanuts, Lychee, Custard සහ Jelly නිසා රස සංකලනයත් අපූරුයි. මිතුරන් එක්ක වගේම පවුලේ අය එක්ක වුණත් ඇවිල්ලා නිදහසේ නියම මැලේසියානු කෑම අත්දැකීමක් විඳගන්න Rapparich වලදී ඔබටත් පුළුවන්.

නටාෂා ප්‍රනාන්දුපුල්ලේගේ Daily mirro Life ලිපිය ඇසුරින්

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00