2019 අප්‍රේල් 20 වන සෙනසුරාදා

හපුතලේ ගොවිපළේ නැවුම් එළවළු එක්ක Asylum කෑම වේලක රස විඳින්න

 2019 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 83

Asylum කියන්නෙ උදේ ආහාර වේල සහ අතුරු ආහාර වේලකට කියාපු තැනක්. Asylum menu එකේ නිර්මාංශ අයට වගේම ඕන කෙනෙක් වෙනුවෙන් හොඳ තෝරාගැනීම් රාශියක් තිබෙනවා. ඔවුන් මේ ආහාර ඔබට නැවුම්ව සාදා දෙනවා. Asylum අවන්හලේ කළමනාකාර සහකාර ශිරෝමි පින්දෙණිය පෙරේරා මහත්මිය කියන විදිහට ඔවුන්ගේ ආහාර සදහා නැවුම් එළවළු ගේන්නේ හපුතලේ තිබෙන ඔවුන්ගේම ගොවිපළකින්. ඉතින් Asylum හි ආහාරවල ගුණාත්මක භාවය ගැන ඒකම හොඳ සහතිකයක්.

Asylum වල ජනප්‍රියම ආහාර තමයි Egg Florentine සහ පොල් රොටි. පොල් රොටි සමඟ ආහාරයට ගන්න අපි කැමති Curry එකක් තෝරගන්නත් පුළුවන්. සති අන්තවල නම් මෙතන උදේ 8.00 ඉඳන් රාත්‍රී 11.00 වෙනකම් විවෘතයි. සිකුරාදා සහ සෙනසුරාදා දිනවලදී ඔබ මෙතනට ආවොත් සජීවී සංගීත අත්දැකීමක් ලබන්නත් පුළුවන්. ඒ වගේම ඔවුන්ගෙ කාර්ය මණ්ඩලයත් හරිම මිත්‍රශීලී ඔබේ සේවයට කැපවුණු පිරිසක්. රසවත් ආහාර වේලක් වෙනුවෙන් සහතික වෙන්න පුළුවන් මේ සුවපහසු මිත්‍රශීලී තැනට ඔබටත් ඇවිත් බලන්න පුළුවන්.

Daily mirro Life ඇසුරින්