2019 අප්‍රේල් 13 වන සෙනසුරාදා

Mathura Madras Woodlamds Restaurant ඉන්දීය නිර්මාංශ ආහාර රජදහන

 2019 අප්‍රේල් 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 109

Mathura Madras Woodlamds Restaurant නැත්නම් හැමෝම දන්න විදිහට Mathura Restaurant කියන්නෙ උතුරු හා දකුණු ඉන්දියානු නිර්මාංශ ආහාරවලට විශේෂ තැනක්. මුලින් Havelock Road එකේ තිබුණත් දැන් මේ අවන්හල තියෙන්නෙ බම්බලපිටියෙ Melbourne Avenue වල. ඒ වගේම ඔවුන් බත්තරමුල්ලේ සහ කටුනායකත් ශාඛා විවෘත කරන්න බලාපොරොත්තු වෙනවා.

පිරිසිදුවට සකස් කෙරෙන Mathura restaurant එකේ ආහාර රසවත් වගේම සාක්කුවටත් කරදරයක් නෑ. මම මුලින්ම රස බැලුවෙ Mathura Spl Rasam (Rs.190) එකක්. කුළුබඩු යහමින් දාපු ලොකු Bowl එකක පිළිගන්වන මේ රසවත් Rasam එක ඉවර කරගන්න බැරිතරම්. ඒ වගේම ඔවුන් ළඟ තියෙනවා සම්බෝල හරි, චට්නි හරි එක්ක පිළිගන්වන්න පුළුවන් වගේ මෘදු උළුදු වඩේ (Rs.75). ඔවුන්ගේ එළවළු සමෝසා (Rs.80) එකත් හරිම රසවත්. ඒ වගේම Paneer Butter Masala, Butter Naan එක්ක Vegetable Basmathi Biriyani එකකුත් රස බලන්න මට පුළුවන් වුණා. මම අතුරුපසට  තෝරාගත්තේ Rava Kesari (Rs.220). හරිම අපූරු රසවත් ආහාර සංයෝගයක්.

ඉතින් නිර්මාංශ ආහාරවලට ප්‍රියකරන ඔබට Mathura Madras Woodlands Restaurant කියන්නෙ කියාපු තැනක්. විශේෂයෙන්ම මෙතැනට ආවොත් Vegetable Samosa, Paneer Butter Masala, Butter Naan රස බලන්න අමතක කරන්න එපා.

- නටාෂා ප්‍රනාන්දුපුල්ලේගේ
Daily Mirror Life ලිපියක් ඇසුරින්

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00