2019 අප්‍රේල් 13 වන සෙනසුරාදා

රස වෑහෙන සී ෆුඩ් පොල් රොටි උණු උණු චීසි චිකන් බබල් වොෆල්ස් : The Cauldron අවන්හල

 2019 අප්‍රේල් 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 69

අද මම කතා කරන්නෙ 68 Stratford Avenue, Colombo 6 වල තියෙන The Cauldron අවන්හල ගැන. මම නිතරම පහුකරගෙන යන තැනක් වුණත් මගේ අවධානය යොමුවුණේ නෑ හමුවීමක් වෙනුවෙන් මෙතැනට ගොඩවදිනකන්. ටිකක් අඳුරු වටපිටාවක Posters සහ පින්තූර රාමුවලින් සරසල තිබුණත් මට දැනුණෙ තව ටිකක් විශාලව ආදරණීය විදිහට සැරසුණා නම් හොඳයි කියලා. කොහොම වුණත් ඔවුන්ගෙ ගනුදෙනුකරුවන් නම් මේ වටපිටාවට කැමති බව පෙනුණා. සඳදා දිනයක මම මෙතැනට ගොඩවදිනකොටත් ගනුදෙනුකරුවන්ගෙන් පිරිලයි තිබුණෙ.

ඔබ ගෙවන මුදලට සාධාරණ ආහාර වේලක් මෙතැනදි ලබාගන්න පුළුවන්.  හරිම රසවත්. මම මෙතැනදි ගොඩක් ආහාර වර්ග රස බැලුවත් මගේ හිත වඩාත්ම ඇදිල ගිය දේවල් කිහිපයක් ගැන පමණක් කියන්නම්. The Cauldron වල සුවිශේෂීම ආහාර තමයි Sea Food Pol Rotti Kottu. ටිකක් පැණි රස හොදි එකක් එක්ක පිළිගන්වපු මේ රොටි එක නම් ගෙදරදීත් හදල බලන්න තරම් අපූරුයි. ඒ වගේම මගේ කැමතිම ආහාර ගොන්නට එකතු කරගන්න පුළුවන් The Tsucan Chicken Rice, උම්බලකඩ යහමින් හැපෙන Umbalakade Polsambol, Egg Fried Rice, උණු උණු Cheesy Chicken Bubble Waffles, නිර්මාංශ ආහාරයක් වුණු Veggie Life Bubble Waffles ආදියත් මෙතනදී මට රස බලන්න පුළුවන් වුණා. ඒ වගේම Fudge වලින් හදපු Drink එකකුත් Blended Iced Milo එකකුත් Kiwi Mojoto එකකුත් බීම වර්ග විදිහට මම තෝරගත්තා.

සූර පප්පා සහ Harry Pottar කතාවලට ආදරය කරන කෙනෙක් විදුහට තමයි අයිතිකරු මෙතැන The Cauldron හෙවත් කල්දේරම කියලා නම් කරලා තියන්නෙ. ඒකෙන් ඔහු කියන්න උත්සාහ කරන්නෙ හැම හොඳ දෙයකම සංකලනයක් මෙතන තියෙන බව. ඉතින් ඔබටත් පුළුවන් මේ සරල අපූරැ සුන්දර තැනට ඇවිත් රසම රස ආහාර වේලක් රස විඳින්න.

- ධනූ
You’re My Favorite