2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා

රස වෑහෙන කෑම එක්ක කොළඹ කෝපි කඩේ the grind coffee house

 2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 50

යුනියන් ප්ලේස් එකේ තියන the grind coffee house ගැන මට දැන ගන්න ලැබුණේ යාළුවෙක්ගෙන්. ඔහු කියපු විදියට milo mocha එකකට නම් කියාපු තැන.

මෙතනට ඇතුළු වෙද්දි මට මුලින්ම මුණගැහුණේ මේ coffee house එකේ අයිතිකරු නිෂී වාරියපොළ. ඇය විදේශයන්වලදී ලබපු අත්දැකීම් එක්ක තමයි මේක ආරම්භ කරලා තියෙන්නේ.

මෙතන තියන විශේෂත්වය තමයි open kitchen එක. අපේ coffee එක හැදෙන විදිහ අපිටම බලාගන්න පුළුවන්. ඒ වගේම මෙතන තියන ආහාරවල පිරිසිදු බව වගේම සෞඛ්‍ය ආරක්ෂිත බව ගැනත් සහතික වෙන්න පුළුවන්.

මෙතන තියන සුවිශේෂී ආහාරවල විවිධත්වය ගැන ඇත්තටම සතුටු වෙන්න පුළුවන්. මම උත්සහා කරලා බලන්න හිතුවෙ මෙතනදි වැඩිපුරම අලෙවි වන දේවල්. ඒ The smoked salmon on sourdough with citrus curd, The Grind Power bowl, The yellow cold pressed juic, Chicken wings සහ Oreo peanut butter cheesecake.
විශේෂයෙන්ම ඔවුන් මේ සියල්ල හරිම රසවත් විදිහට වගේම ආකර්ශණීය විදිහට පිළිගන්වනවා.

ඔවුන් කියන විදිහට මෙතනදී පිළිගන්වන cold fresh juices වගේම flat white වගේ coffee වර්ගත් හරිම ජනප්‍රියයි. කොහොම වුණත් මගේ යාළුවගේ නම් හිත ඇදිලා ගිහින් තිබුණේ the grind coffee house එකේ milo mocha එකට.
ඉතින් රසම රස කෝපි එකකට කියාපු තැනක් මෙතන. හැබැයි මතක තියාගන් coffee house එක හවස 6 වෙද්දී වහනවා.

- ධනූ
You’re My Favorite