2019 මාර්තු 30 වන සෙනසුරාදා

HIT TIPS

 2019 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 12:30 33

“ප්‍රවේණි" LIVE In Consert

“ප්‍රවේණි” සංගීතයේ පාරම්පරික උරුමය සමඟින් ලාංකීය සංගීතයේ මීළඟ පරපුරේ ප්‍රසංගය මාර්තු මස 31 වෙනි ඉරිදා දින අද සවස 7.30ට සැෆ්රන් බීච් හොටෙල් - වාද්දූව හිදී පැවැත්වීමට නියමිතයි.

මේ සඳහා ලාංකීය සංගීතයේ පාරම්පරික උරුමය හිමි සජිත ඇන්තනී, සනුක වික්‍රමසිංහ, රයිනි ගුණතිලක, චන්දීප ජයකොඩි සමඟ ප්‍රසාංගික අත්දැකීමක් මෙහිදී විඳින්න පුළුවන්. සංගීත සපයන්නේ ශ්‍රැති සංගීත කණ්ඩායම. Alankara Event තමා වැඩේ සංවිධානය කරන්නෙ.

VETEXPO ශ්‍රී ලංකාවේ පළමු ජාතික පශු වෛද්‍ය දැක්ම

VETEXPO ශ්‍රී ලංකාවේ පළමු ජාතික පශු වෛද්‍ය ප්‍රදර්ශනය. අප්‍රේල් 5වැනි දා සිට 7 වැනි දා දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීමය නියමිතයි.

පශු සම්පත්, වනජීවී, මහජන සෞඛ්‍ය අදී ක්ෂේත්‍රය ඒකාබද්ධ ඒකරාශී වීමෙන් තමයි මෙය සංවිධානය වන්නේ.  ශ්‍රී ලංකා පශු වෛද්‍ය  සංගමය ප්‍රධන අනුග්‍රාහකත්ව දරනවා. මෙයට සමගාමීව වෙළෙඳ ප්‍රදර්ශනයක් ද පැවැත්වෙනවා. ඉතින් VETEXPO වෙත ඔබට වෙනස් අත්දැකීමක් විඳගන්න පුළුවන් වෙයි.

Innovate Sri Lanka 2019

‘Innovate Sri Lanka 2019’ අප්‍රේල් මස 2 වැනිදා සහ 3 වැනිදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය විසින් සංවිධානය කර තිබේ. නව සොයාගැනීම හා තවත් විවිධ නව තාක්ෂණික තොරතුරු දැනගැනීමට මීට සභගීවෙන කාටත් හැකියාවක් ලැබෙනවා.