2017 පෙබරවාරි 25 වන සෙනසුරාදා

ආරක්ෂාව තරවෙයි

 2017 පෙබරවාරි 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 137

2017 පෙබරවාරි 27 වැනි සඳු දින පාන්දර 5 පසුවී විනාඩි 50ට ග්‍රහලොව හදිසි විපත් ඇතිකරන්නාවූ අඟහරු යුරේනස් සමඟ යුධ සංග්‍රාමයක නිරතවනු ඇත. අඟහරු හා යුරේනස් මීන රාශියෙහි හා බුධට අයත් රේවති නැකතේ 4 වැනි පාදයෙහි ගමන් කිරීමේදී ග්‍රහයින් දෙදෙනා එකම අංශකයකදී එකිනෙකා අභිබවා යාමක් සිදුවේ. මේ හේතුවෙන් අඟහරුගෙත් හා යුරේනස්ගෙත් අයහපත් වූ කිරණ පෘථිවියට එල්ල වේ. මෙහි අයහපත් ඵල ඉදිරි මාස තුනක් යනතුරු ඇතිවනු ඇත. 

අප රට කෙරෙහි අවධානය යොමුකිරීමේදී ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මෙන්ම ආරක්ෂක අංශය වෙනුවෙන් වැඩි මූල්‍යමය වියදමක් යෙදවීමට රජයට සිදුවන අතර රටේ ආර්ථිකයේ පසුබෑමක් ඇතිවන්නාවූත් වකවානුවක් ද වනු ඇත.

නාට්‍යකලා විනෝදස්ථාන, උසස් අධ්‍යාපනික විද්‍යාස්ථානයක් ආශ්‍රිතව අපරාධ ක්‍රියාවක්, පිපිරීමක්, ගිනි තැබීමක් වාර්තාවනු ඇත. රජයට බලාපොරොත්තු රහිත සිදුවීමකට මුහුණ දීමට සිදුවේ. ප්‍රසිද්ධ ස්ථානයක් ගිනිගනී. සිසු අරගල තවත් බිහිසුණු තත්ත්වයට පත්වීම වැළැක්විය නොහැක. නළු නිළියන්ට, ප්‍රසිද්ධ නීතිවේදියකුට, වෛද්‍යවරයකුට මාරක ඇතිවනු ඇත.

විදේශීය වශයෙන් සිදුවන්නා වූ බලපෑම විමසා බැලීමේදී ත්‍රස්තවාදී ක්‍රියාවන්හි වර්ධනයක් දැකිය හැකි අතර බන්ධනාගාර ආශ්‍රිතව අශුභ සිදුවීම් ඇතිවීමක් මෙන්ම 100කට අධික පිරිසක් රුගත් ගුවන් යානයක් විනාශයට පත්වීමත්, දුම්රිය අනතුරක්, හදිසි පිපිරීමක් හෝ ගිනි තැබීමක් ද, ජනමාධ්‍ය හෝ සන්නිවේදන ආයතනයකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමක් ද සිදුවීමට නියමිතය. යම් යම් සිද්ධි උදෙසා කම්කරු අරගල  උත්සන්න වේ.

මේෂ - සමගියට බාධා

සතෙකුගෙන් ශාරීරික පීඩාවක් ඇති වියහැකි බැවින් පරිස්සම් වන්න. සැඟවුණු සතුරු කරදර බලවේගයක් හඳුනා ගැනීමට හැකිවනු ඇත. පවුල් දිවියේ සමගියට බාධා මතුවනු ඇත.

වෘෂභ - මිතුරන්ගෙන් උපකාර

භූමිය ආශ්‍රිතව කටයුතු කරන අයට යහපත් ඵල අත්වනු ඇත. තැන්පත් ධනය වියදම් කිරීමට සිදුවේ. හවුල් කටයුතුවලින් ඵල ලබන අතර හිත මිතුරන්ගෙන් උදව් උපකාර ඇතිවේ.

මිථුන - නව රැකියා

ඔබට යහපත් වනු ඇත. නව රැකියා බලාපොරොත්තු වන අයගේ සිතුම් පැතුම් ඉෂ්ට වනු ඇත. උරුම හිමිකමක් අපේක්ෂාවෙන් සිටියේනම් එම හිමිකම ලැබේ. සිත් කෝප ගතියෙන් නිතර පසුවන බැවින් ඉවසීමෙන් කටයුතු කිරීම යහපත් ය.

කටක - සහෝදරයකුට අපල

තමාගේ කටයුතුවලට විවිධ වූ බාධාවන් ඇතිවනු ඇත. සහෝදරයකුට තරමක් අශුභ වේ. මෙම කාල වකවානුව තුළ තමාවෙත එන ආරංචි පිළිබඳව එකවර තීරණයක් නොගෙන හොඳින් සොයා බලා තීරණයක් ගැනීම යහපත් ය.

සිංහ - ආර්ථික අපහසුතා

ඔබට අයහපත් ඵල අත්වනු ඇත. මෙම කාල වකවානුව තුළ තම හිත මිතුරන්ගෙන්ම තමාට ප්‍රශ්න ඇති වේ. තමන් කිරීමට යන කටයුතු සඳහාත් බාධා ඇති වන අතර ආර්ථික අපහසුතා ඇති වේ. හදිසි අනතුරු ඇතිවන බැවින් පරිස්සම්වන්න.

කන්‍යා - හදිසි තුවාල

නීතිමය ප්‍රශ්නයකට මැදිවීමට හැකි බැවින් කල්පනා වෙන් කටයුතු කළ යුතුවේ. ව්‍යාපාරිකයන්ට ලාබ අඩු කාල සීමාවක්වේ. හදිසි තුවාල පීඩා ලබනු ඇත. පවුල් දිවියේ සමගියට බාධා මතුවන සිදුවීම් වන බැවින් ඉවසීමෙන් කටයුතු කරන්න.

තුලා - ඇස්වල ආබාධ

තම සහකරුට හෝ සහකාරියට රෝග පීඩා ඇතිවන්නා වූ වකවානුවක් වේ. තමාට එරෙහිව සැඟවී තිබූ සතුරු බලවේග හඳුනාගත හැකිවනු ඇත. ආර්ථික දුෂ්කරතා ඇති වේ. ඇස්වල ආබාධයක් ඇති වේ.

වෘෂ්චික - අවේගශීලී ගති

තමාගේ වැඩ කටයුතු උනන්දුවෙන් යුක්තව කරන කාල වකවානුවක්. විරුද්ධ ලිංගිකයන් කෙරේ සිත් ඇදී යනු ඇත. නව රැකියා අපේක්ෂාවෙන් සිටි අයට තම බලාපොරොත්තු ඉෂ්ට වේ. ආවේගශීලී ගති ඇති වන බැවින් ඉවසීමෙන් කටයුතු කරන්න. 

ධනු - අයහපත් සිදුවීම්

පදිංචි ස්ථානය ආශ්‍රිතව අයහපත් සිදුවීම් ඇති වේ. පවුල් දිවියේ සමගියට බාධා වීම් ඇතිවනු ඇත. ව්‍යාපාරික කටයුතුවල නිරතවන අයට ලාභ ලැබීම් අඩුවන අතර භූමිය ආශ්‍රිතව කටයුතු කරන අයට ලාබ ලැබේ.

මකර - හොඳ උත්සාහයක්

තමන්ගේ වැඩ කටයුතු සාර්ථක කරගැනීම සඳහා උත්සහයෙන් යුක්තව කටයුතු කරනු ඇත. කාර්මික ක්ෂේත්‍රයේ නියැලි අයට යහපත් ය. ආගමික කටයුතු සඳහා සහභාගී වීමට අවකාශ ලැබේ.

කුම්භ - නොබියව ඉදිරියට

තමාගේ දේ රැකගැනීමට උත්සහ කළද වියදම් අධික ලෙස සිදුවන වකවානුවක් වේ. පවුල් දිවියේ සමගිය පළුදු වන සිදුවීම් ඇති වේ. හදිසි ශරීර පීඩා ඇතිවනු ඇත. යම් යම් කටයුතු සඳහා නොබියව ඉදිරිපත් වේ.

මීන - කරදරකාරී ගැටලු

ඔබට තරමක් අයහපත් වනු ඇත. කරදරකාරී ප්‍රශ්න හේතුවෙන් සිතට වදවීම් ඇති වේ. පවුල් දිවියේද ප්‍රශ්න ඇතිවනු ඇත. තමන් කිරීමට යන කටයුතු සඳහා විවිධ බාධාවන් ඇතිවේ. හදිසි ශරීර පීඩා ඇති වේ.

ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යොතිෂ පර් ෙය්ෂණායතනය
ඔලබොඩුව, ගෝනපල.

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00