2019 පෙබරවාරි 16 වන සෙනසුරාදා

කතුන් සහ දරුවන් ගැන යහපත් තීරණ

 2019 පෙබරවාරි 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 89

ග්‍රහ මණ්ඩලයේ යුද සංග්‍රාමයක් සිදුවී පැය 24ක් ගතවීමට මත්තෙන් තවත් සංග්‍රාමයක් සෙනසුරු හා සිකුරු සමඟත් බුධ හා නැප්චූන් සමඟත් සිදුවනු ඇත. 2019 - පෙබරවාරි මස 18 වන සඳු දින සවස 4.23ට බ්‍රහස්පතිට අයත් ධනු රාශියෙහි පුවසල නැකතේ තුන්වන පාදයේදී සෙනසුරුත් සිකුරුත් එකම අංශකයක ගමන් කරමින් ග්‍රහයින් දෙදෙනා එකිනෙකා අභිබවා ගමන් කිරීමට උත්සහ දැරීමක් ද සිදුවේ. 2019 පෙබරවාරි මස 19 වන කුජ දින දවල් 12.08ට බුධ හා නැප්චූන් සෙනසුරුට අයත් කුම්භ රාශියේ පුවපුටුප නැකත් ප්‍රථම පාදයේදී එකම අංශකයදී දෙදෙනා එකිනෙකා අභිබවා ගමන් කිරීමට උත්සහ දැරීමක් ද වේ. මේ හේතුවෙන් සෙනසුරැගෙත් සිකුරැගෙත් බුධගෙත් නැප්චූන්ගෙත් අයහපත් වූ ග්‍රහ කිරණ පෘථිවිය වෙත එල්ලවනු ඇත.

මේ තත්ත්වය අප රට කෙරෙහි අවධානය යොමු කිරීමේදී කාන්තාවන්ගේ හා දූ දරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිර්දේශ මත රජය යම් යම් තීරණ ක්‍රියාවට නංවන්නාවූත් වකවානුවක් වේ. කලා ක්ෂේත්‍රයේ රංගන/ ගායන හෝ අංගරචන තාක්ෂණික ශිල්පියකුට හෝ මාරකයක් ඇතිවන වකවානුවක් වේ. හදිසි සුළි කුණාටු තත්ත්වයක් හේතුවෙන් දේපළ හානි වීමක් ද දේශපාලන කටයුතුවල නිරත වයස් ගත අයකුගේ හදිසි මාරකයක් ද යෙදෙන කාලයක් වේ. 

මීළඟට ඔබට

මේෂ - විනෝද චාරිකා

අධ්‍යාපනික කටයුතුවල නිරත වී සිටින අයට ශුභ ඵල ගෙනදෙන අතර යම් යම් අතපසු වීම්ද වනු ඇත. ආගමික හෝ විනෝද චාරිකාවක් යාමට අවකාශ අත්වනු ඇත. දේශපාලනික කටයුතුවල නිරත අයට සතුරැ පීඩා ඇති වේ.

වෘෂභ - උසස් වීම්

සේවා ස්ථානය ආශ්‍රිතව පැවති ප්‍රශ්න මඟහැරි යනු ඇත. තම මිතුරන්ගෙන් තමාට යම් යම් ගැටලු ඇතිවනු ඇත. යම්කිසි උසස් වීමක් අපේක්ෂා කළේ නම් එම අපේක්ෂාව ඉටුවනු ඇත.

මිථුන - ව්‍යාපාරවලට හොඳයි

පවුල් දිවියේ සමගියට තිබූ බාධා දුරුවී සමගිය ඇති වනු ඇත. ව්‍යාපාරික කටයුතුවලට ශුභ වන අතර නව ව්‍යාපාර ආරම්භයට ද ශුභ වනු ඇත. ආගමික කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් ගත කිරීමට ද අවකාශ ලැබෙනු ඇත.

කටක - ණය ලැබේ

නෑදෑ ප්‍රශ්නයක් ඇතිවිය හැක. පැවති ශරීර පීඩාවලින් මිදීමට හැකිවන වකවානුවක් වේ. ණය මුදලක් ගැනීමට අපේක්ෂාවෙන් සිටියේ නම් එම මුදල ලබා ගත හැකිවනු ඇත. ජලයෙන් පීඩාවක් ඇතිවනු ඇත. 

සිංහ - ලිංගික බැඳීම්

පවුල් දිවියේ සමගියට බාධා ඇතිවන අතර විරුද්ධ ලිංගිකයන් කෙරේ බැඳීම් ඇතිවනු ඇත. වැඩිපුර විනෝදයට බරව කාලය ගතකරන කාලයකි. අලුතෙන් ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට ද යහපත් කාලයක් වේ.

කන්‍යා - සිතේ සතුට

ඔබගේ කටයුතුවලට විවිධ බාධා ඇති වන කාලයක් වන අතර නව දේපලක් මිලදී ගැනීමට ද ශුභ කාලයක් වේ. සිතේ සතුට ඇතිවනු ඇත. සේවා ස්ථානයෙන් මාරුවක් අපේක්ෂා කළ අයට බලාපොරොත්තු ඉෂ්ඨ වනු ඇත.

තුලා - පෙමට බාධා

කලා හා නිර්මාණශීලී කටයුතුවල නිරත අයට යහපත් සමයක් වේ. ප්‍රේම සම්බන්ධතාවලට බාධාකාරී කාලයක් වේ. තමා උදව් කළ අයකුගෙන් ප්‍රතිඋපකාරයක් ගැනීමට යාමේදී එම උදව්ව තමාට නොලැබී යනු ඇත.

වෘශ්චික - උගුරේ පීඩා

පවුල් දිවියේ සමගියට බාධාවන් ඇතිවනු ඇත. අලුතෙන් ඉඩමක් හෝ නිවසක් මිලදී ගැනීමට යහපත් වකවානුවක් වේ. තම තැන්පත් ධනය වියදම් වන කාලයක් ද වේ. උගුර ආශ්‍රිත පීඩාවක් ඇතිවනු ඇත.

ධනු - පංගුකරු හමුවේ

ලේඛන කටයුතුවල නිරත වී සිටින අයට යහපත් වන කාලයක් වේ. විශාල අන්දමේ වියදම් දැරීමේදී පරිස්සම් විය යුතු අතර හදිසි පාඩුවක් ඇතිවන සමයකි. තමා බලාපොරොත්තු වන ආකාරයෙන් තමාගේ හිතට ගැලපෙන කලාත්‍රයෙක් හමුවන වකවානුවක් වේ.

මකර - විදේශ ගතවීම්

තැන්පත් ධනය වර්ධනය කරගැනීමට හැකියාව ඔබට ලැබෙනු ඇත. විදේශ ගතවීමේ අපෙක්ෂාවෙන් සිටි අයගේ බලාපොරොත්තු කඩ වී යනු ඇත. ඔබගේ යම් යම් කටයුතුවලට විවිධ වූ පාර්ශවවලින් බාධා ඇති කරන්නාවූත් වකවානුවක් වේ.

කුම්භ - ශරීර පීඩා අඩුවේ

භූමිය ආශ්‍රිතව කටයුතු කරන අයට මෙන්ම හවුල් කටයුතුවල හා සමාජ සේවා කටයුතුවල නිරත අයට ද ඉතා යහපත් ඵල අත්නොවනා වූත් වකවානුවක් වේ. ඔබගේ යම් ශරීර පීඩාවක් පැවතියේ නම් එම ශරීර පීඩාවද දුරු වී යනු ඇත.

මීන - නෑදෑයන්ගෙන් දුරස් වේ

පිටස්තර පුද්ගලයන්ගෙන් තමාට පැවති බාධා කිරීම් මැඩ පැවැත්වෙන කාලයකි. සේවා ස්ථානයේ අන් අයගේ ආකර්ෂණනයට ලක්වනු ඇත. අලුතෙන් ඉඩමක් හෝ නිවසක් මිලදී ගැනීමට ද යහපත් වන කාලයක් වන අතර තම නෑදෑයන්ගෙන් ඈත්ව කටයුතු කිරීමට සිදුවන කාලයක් ද වේ.

ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදි ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යොතිෂ පර්යේෂණායතනය
ඔලබොඩුව, ගෝනපල