2019 පෙබරවාරි 16 වන සෙනසුරාදා

HIT TIPS

 2019 පෙබරවාරි 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 85

වැඩිහිටියන්ට පමණක් නාට්‍ය දර්ශනයක්
අමුතුම ආකාරයේ නාට්‍ය අත්දැකීමක් ශ්‍රී ලාංකික රසවතුන්ට සමීප කරන්න රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානය මේ දිනවල සූදානම් වෙනවා. Paint Me Perfect කියලා නම් කරලා තියෙන මේ නාට්‍ය දර්ශනය පෙබරවාරි 23 සහ 24 යන දවස්වල හැන්දෑවේ 7.30ට පෙන්වනවා. හැබැයි මෙය වැඩිහිටියන්ට පමණයි කියලත් නම් කරලා තියෙනවා.   

ශා. තෝමස් ආදි සිසු සංගීතය 23දා

ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල් ආදි ශිෂ්‍ය සංගමය සංවිධානය කරන Thomian Bash With Gypsies ප්‍රසංගය පෙබරවාරි 23 වැනිදා රාත්‍රී 7.30 සිට කොළඹ CR and FC ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. ජිප්සීස් සංගීතයට හා ගායනයට අමතරව බිලී ප්‍රනාන්දු, නාද්රෝ මේ ප්‍රසංගයට එක්වීමට නියමිතයි.