2019 පෙබරවාරි 16 වන සෙනසුරාදා

රජවෙන්න ගුරු හංස යෝගය පමණක් ඇතිද?

 2019 පෙබරවාරි 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 1850

ප්‍රබල දේශපාලනඥයකු වීමට කේන්ද්‍රයේ ගුරු හංස යෝගයක් පිහිටිය යුතු බව ඇතැම් ජ්‍යොතිෂවේදීන්ගේ මතයයි. එහෙත් රජවීමට සැමවිටම මෙම යෝගය බලපාන්නේ නැත. එයින් බාහිරවද ප්‍රබල දේශපාලන යෝග නිර්මාණය වී තිබේ. එයට උදාහරණ කිහිපයකි.

මහා පුරුෂ යෝග මත ජන්මීන් ප්‍රබල පුද්ගලයන් වන බවට විවාදයක් නැත. ගුරු ග්‍රහයා ලග්නයෙන්වත් චන්ද්‍රයාගෙන්වත් කේන්ද්‍රගතවීම හෝ ත්‍රිකෝණගතවීම නිසා දේශපාලනඥයන් බිහිවන බවට කෙනකුට අදහස් කළ හැක.

නමුත් එය සාවද්‍ය මතයකි. කෙනකු ප්‍රබල දේශපාලනඥයකු වීමට ගුරැගෙන් යෙදෙන ගුරැ හංස යෝගය එකම බලවේගය වන්නේ නැත.

ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය දේශපාලනඥයකු වන්නේ අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක ශ්‍රීමතාණෝය. 1884.10.20 දින එතුමා උපදින විට ගුරු ග්‍රහයා සිංහ රාශියේ සිටියේය. එතුමා උපන්නේ මිථුන ලග්නයෙනි.

එතුමාගේ ජන්මපත්‍රයේ භද්‍රා යෝගය නමැති යෝගයක් තිබුණේය. රවිගෙන් නීචභංග රාජ යෝගයක්ද පිහිටියේය. නමුත් ගුරැ හංස යෝගයක් තිබුණේ නැත.

එසේ නම් දේශපාලනඥයකු වීමට ඉන් එහා ගිය සිද්ධාන්ත සම්පූර්ණ විය යුතුය. එවැනි පර්යේෂණ චාරිකාවක් සිදුකිරීම සඳහා භිර්ගු නන්දන නාඩි සිද්ධාන්ත හරහා ගමන් කිරීම ඉතා සුදුසුය.

ශ්‍රීමත් අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමා
උපත 1884.10.20

1. ශනි සමඟ රවි එකම දිශාවේ තැන්පත් වීම.
2. ශනිට ප්‍රතිවිරුද්ධ දිශාවේ ගුරු - ශුක්‍ර තැන්පත් වීම.
3. බුධගේ රාශියේ ශනි තැන්පත් වීම.
4. ශනි විසින් ගුරුට දෘෂ්ටියක් එල්ල කිරීම.

ශ්‍රීමත් අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායක මැතිතුමා
උපත - 1911.06.19


1. ශනිට ප්‍රතිවිරැද්ධ දිශාවේ රවි - ගුරැගේ පිහිටීම.
2. ශනි ගුරැ ග්‍රහයාට දෘෂ්ටි එල්ල කිරීම.
3. ශනි රවි ග්‍රහයාට දෘෂ්ටි එල්ල කිරීම.
4. නීච ශනි ගෙනෙන නීචභංග රාජ යෝගය.
5. රවි ගෙනෙන උභයචාරී යෝගය.
6. සඳු ගෙනෙන සුනථා යෝගය. 

ඒබ්‍රහම් ලින්කන් ශ්‍රීමතානෝ
උපත - 1809-02-12


1. ශනි තැන්පත් සිටින දිශාවේ ගුරු - ශුක්‍ර තැන්පත්ව සිටීම.
2. ශනිගේ කුම්භ රාශියේ බුධ ග්‍රහයා තැන්පත් වීම.
3. ශනිගේ කුම්භ රාශියේ රවි ග්‍රහයා තැන්පත් වීම. 
4. ශනි ග්‍රහයාට ගුරු ග්‍රහයාගේ දෘෂ්ටිය එල්ල වීම.
5. ගුරැගෙන් ගුරැ හංස යෝගය ද ශුක්‍රගෙන් මාලවී යෝගය ද වශයෙන් මහා පුරුෂ යෝග ශක්තිය ලැබීම.
6. සඳුගෙන් සුනඵා යෝග බලය ලැබීම.
7. රවිගෙන් උභයචාරී යෝග බලය ලැබීම.

2019 වර්ෂය ලංකාවට පමණක් නොව ලෝකයේ විවිධ රටවල්වල දේශපාලන වේදිකාව උණුසුම් වෙමින් පවතී. ලංකාව තුළදී ද නව දේශපාලන යුග පුරුෂයින් 2019 වර්ෂයේදී කලඑළි බසිනු ඇත. ඉහත දැක්වූ සිද්ධාන්ත ඔස්සේ යමින් එවැනි දේශපාලන නායකයෙකුගේ දේශපාලන යෝග ඉදිරිපත් කෙරේ. මිථුන ලග්න ඡන්ම පත්‍රයක් වන එහි උපන් දිනය දැක්වීමට ක්‍රියා නොකෙරේ.

1. ශනි ග්‍රහයා සිටින දිශාවේම ගුරු ග්‍රහයා ද ශනිට ප්‍රතිවිරුද්ධ දිශාවේ රවි - බුධ දෙදෙනා ද පිහිටීම ප්‍රබල දේශපාලනඥ යෝගයකි.
2. ශනි හා බුධ දෘෂ්ටි දී ගැනීම ප්‍රබල දේශපාලන යෝගයකි.
3. ශනි විසින් රවිට දෘෂ්ටි දීම රාජ්‍ය පාලකයෙකු බව කියා පාන්නේය.
4. ගුරැගෙන් යෙදෙන ප්‍රබල ගුරු හංස යෝගය දේශපාලනඥයෙකු මවන බව පෙනේ.
5. කුජගෙන් යෙදෙන “රැචග* නම් මහා පුරැෂ යෝගය දේශපාලන බලවතෙකු බිහි කරයි.
6. ශනි කුජ පරිවර්තන යෝගයද ඡන්මියා බලවතෙකු කරයි.
7. බුධ - ශුක්‍ර පරිවර්තන යෝගය ද ඡන්මියා කීර්තිමත් නායකයෙකු කරයි.
8. සඳුගෙන් යෙදෙන අනඵා යෝගය බොහෝ දේශපාලනඥයින්ට හිමි වෙයි.
9. රවිගෙන් යෙදෙන බෝධී යෝගය ඡන්මියා දේශපාලන ලොවට ප්‍රවිශ්ඨ කරයි.
10. ප්‍රබල සිංහාසන යෝගය නිසා ඡන්මියා රාජ්‍ය පාලන පුටුවක වාඩි කරවීමට සමත්කම් දක්වයි.

මිනිස් වනාන්තරය තුළින් දේශපාලන වෘක්ෂයන් තෝරා බේරාගැනීමට භිර්ගු නන්දන නාඩි සූත්‍රය වැදගත් මිනුම් දණ්ඩක් වන බව පෙනේ.

ගාල්ලේ - තලගහ - අක්මීමන
සුරාශ්‍රී ගුණවර්ධන
විශ්ව කීර්ති ජ්‍යොතිර් විද්‍යා 
පණ්ඩිත ශිරෝමනී

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00