2019 පෙබරවාරි 02 වන සෙනසුරාදා

විදේශ ආයෝජන රටට ගලා එයි

 2019 පෙබරවාරි 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 158

ග්‍රහ මණ්ඩලයේ සියුම් බුද්ධිමතා වූ බුධ ග්‍රහයා 2019 පෙබරවාරි මස 7වැනි ගුරු දින උදේ 10 පසුවී විනාඩි 11.00ට තමාට සම රාශි භවනක් වූ සෙනසුරැට අයත් කුම්භ රාශියට පිවිසේ. බුධ අඟහරැට අයත් දෙනට නැකතේ 3 වැනි හා 4 වැනි පාදවලත් රාහුට අයත් සියාවස නැකතේ සම්පූර්ණවත් බ්‍රහස්පතිට අයත් පුවපුටුප නැකතේ ප්‍රථම, දෙවැනි, තුන්වැනි පාදවලත් ගමන් කරමින් 2019 පෙබරවාරි 25 වැනි සඳු දින දක්වාම බුධ කුම්භයේ ඉදිරියට යනු ඇත.

මේ තත්ත්වය අප රට කෙරෙහි අවධානය යොමු කිරීමේදී විදේශීය වෙළෙඳ ගිවිසුම් ඇතිවන අතර විදේශ ආයෝජන රට තුළ ස්ථාපිත වනු ඇති බව පෙනේ. ඉහළ නිලධාරීන්ට හා මහජන නියෝජිතයන්ගේ ක්‍රියාවන්ට මහජන අප්‍රසාදය එල්ල වනු ඇත. පතල් ආශ්‍රිත අනතුරක් ද හදිසි පස් කණ්ඩියක් කඩා වැටීමක් හෝ ජනයා රැගත් රථයක් ප්‍රපාතයකට පෙරලීමක් හෝ වාර්තා වේ. මාධ්‍යවේදියකුට මාරක සහිත කාලයක් බවද කිව යුතුය.

විදේශීය වශයෙන් විමසා බැලීමේදී

ආසියාතික රටවලටත්. අයර්ලන්තය, පර්සියාව, සයිප්‍රස් ආශ්‍රිතව මූල්‍යමය කටයුතු පිළිබඳව වෙනස්කම් ඇති වීමත් සමඟ ආර්ථික පරිහානියක් ද උද්ගත වේ.

ප්‍රංශය, ඉතාලිය, රුමේනියාව හා අමෙරිකානු රටවල් ආශ්‍රිතව අධ්‍යාපන ස්ථානයකට හෝ දරුවන් රැඳී සිටින ස්ථානයකට හදිසි පීඩාවක් හෝ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වේ. තුර්කිය, ස්වට්සර්ලන්තය, බැබිලෝනියාව, ග්‍රීසිය, බ්‍රසීලය ආශ්‍රිතව අපරාධ ක්‍රියා වර්ධනයක් ද වසංගත රෝග පැතිර යාමක් ද පෙන්නුම් කරයි. අරාබියාව, රුසියාව, පෝලන්තය, ස්වීඩනය යන රටවල පාර්ලිමේන්තුව තුළ විවාද ගැටුම් ඇතිවීමත් වෙළෙඳ කටයුතු පිළිබඳ නීති පැනවීමක් ද සිදුවෙයි.

මේෂ - අධ්‍යාපනයට හොඳයි

ඔබ විශාල වශයෙන් මුදල් වියදම් කර කටයුතු කරන්නේ නම් පාඩුවක් ලැබිය හැකි බැවින් පරිස්සම් වන්න. අධ්‍යාපන කටයුතුවල නිරත වී සිටින අයට ශුභ ඵල ගෙනදෙනු ඇත. හවුල් කටයුතුවලින් ඵල අත්කරගත හැකි කාලයක් වේ. 

වෘෂභ - කටයුතු සාර්ථකයි

ඔබට යහපත් ඵල අත්වන අතර ඔබගේ කටයුතු සාර්ථක වන වකවානුවක් වේ. තම හිතුමතයට ක්‍රියා කරමින් ගන්නා වූ තීරණ නිසා ඉදිරි දියුණුවට මග සැලසෙනු ඇත. සේවා ස්ථානය පිළිබඳ පැවති ප්‍රශ්න ද මගහැරී යන අතර අන් අය අතර ගෞරවයට පත්වනු ඇත.

මිථුන - කෙටි ගමන්

අධ්‍යාපන කටයුතුවල නිරත වී සිටින අයට ශූභ ඵල අත්වන අතර කෙටි ගමන් අධික වන කාලයක් වේ. ලේඛන කටයුතුවලට විරුද්ධවාදීන්ද ඇතිවන කාලයක් බැවින් අවධානයෙන් කටයුතු කරන්න.

කටක - මංගල යෝජනා

අවිවාහක අයට මංගල යෝජනා ඉදිරිපත් වන අතර ලියවිල්ලකට අත්සන් කිරීම නිසා අමාරැවේ වැටිය හැකි බැවින් කල්පනාකාරී වන්න. යම් යම් කටයුතුවලට විරුද්ධවාදීන් ඇතිවන කාලයක් ද වේ.

සිංහ - පවුලේ ගැටලු

ව්‍යාපාරික කටයුතුවල නිරත වී සිටින අයට යහපත්ය. හවුල් කටයුතුවලින් ද විපුල ඵල අත්වන කාලයක් වේ. පවුල් දිවියේ සමගියට බාධාවීම් ඇතිවිය හැකි බැවින් ඉවසීමෙන් කටයුතු කරන්න.

කන්‍යා - ස්ථාන මාරු

සේවා ස්ථානයෙන් වෙනස් තැනකට මාරු වීමට අපේක්ෂා කළේ නම් එම බලාපොරොත්තු ඉෂ්ඨ කර ගතහැකි වනු ඇත. යම් යම් කටයුතුවලට විවිධ වූ පාර්ශවවලින් බාධා එල්ල වේ. ස්නායු ආශ්‍රිත පීඩාවක් ඇති විය හැකි බැවින් පරිස්සම් වන්න.

තුලා - නිර්මාණශීලී අදහස්

අධ්‍යාපන කටයුතුවල නිරත වී සිටින අයට ශූභ ඵල අත්වන අතර නිර්මාණශීලී අදහස් ජනිත වන කාලයක් ද වේ. ප්‍රේම සම්බන්ධතාවලට විවිධ වූ අයගෙන් බාධා එල්ල වේ.

වෘශ්චික  - විදෙස් ගමන්

නව ඉඩමක් දේපලක් මිලදී ගැනීමට යහපත් කාලයක් වේ. විදේශගත වීමේ බලාපොරොත්තු ඉෂ්ඨ කරගත හැකි වනු ඇත. හිතේ චකිතයකින් යුක්තව කාලය ගත කරන්නා වූ වකවානුවක් ද වේ.

ධනු - සිතට සහනය

ලේඛන කටයුතුවල නිරත වී සිටින අයට ශුභ ඵල අත්වන අතර නිර්මාණශීලී අදහස් ජනිත වන කාලයක් වේ. සේවා ස්ථානයේ පැවති සියලු ප්‍රශ්න මගහැරී සිතට සහනයක් අත්වන කාලයක් වන අතර කෙටි ගමන් වැඩි වනු ඇත.

මකර - ආර්ථික වාසි

ඔබගේ යම් යම් කටයුතුවලට විවිධ පාර්ශවවලින් බාධා ඇති කරනු ඇත. අධ්‍යාපන කටයුතුවල නිරත වී සිටින අයට ශුභ ඵල අත්වන අතර ආර්ථික වාසි ද අත්වන කාලයක් වේ.

කුම්භ - කේන්ති වැඩි වේ

ඔබගේ කටයුතු සාර්ථක බවට පත්වන වකවානුවක් වන අතර හදිසි කේන්ති ගති ඇතිවනු ඇත. හදිසි ශරීර පීඩා ඇති විය හැකි බැවින් ප්‍රවේසම් වන්න. නව දේපලක් හෝ වාහනයක් ගැනීමට ද යහපත් කාලයකි.

මීන - පවුලේ සමගිය බිඳේ

ඔබට එතරම් යහපත් නොවනු ඇත. ඔබගේ කටයුතුවලට විවිධ වූ පාර්ශවවලින් බාධා ඇති කරනු ඇත. පවුල් දිවියේ සමගිය බිඳ වැටෙන අතර ඉවසීමෙන් කටයුතු කළ යුතු ආකාරයකි.

ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදි ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යොතිෂ පර්යේෂණායතනය
ඔලබොඩුව, ගෝනපල

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00