2019 ජනවාරි 26 වන සෙනසුරාදා

කන්න - බොන්න - නටන්න කියාපු පබ් එක Dutch Pub

 2019 ජනවාරි 26 වන සෙනසුරාදා, ප.ව. 12:30 38

කොළඹ ලන්දේසි රෝහල් පරිශ්‍රයේ පිහිටා තියෙන අවන්හල කියන්නේ Dutch Pub කියන්නේ මේ වෙද්දි ගොඩක් දෙනෙක්ගේ ආදරය දිනාගත් තැනක් බවට පත්වෙලා. ඒකට ලොකුම හේතුවක් තමයි හැම දවසකම වගේ හැන්දෑවට මේ අවන්හල ඉදිරිපිට වීථියේ පැවැත්වෙන සංගීත, නර්තන ප්‍රසංග. 

රාජකාරියේ යෙදිලා හෙම්බත් වුණු හැන්දෑවක බීර වීදුරැවක් තොල ගාන ගමන් සජීවී සංගීතයට නොමිලේ සවන් දෙන්න විතරක් නෙමේ කැමැති නම් නටන්නත් මෙතැනට ගියොත් පුළුවන්. ඒ වගේම අතරින් පතර දවසක පැවැත්වෙන අංගම් පොර සංදර්ශනවලිනුත් මෙතැන කලඑළිය තවත් වැඩිවෙනවා. අනික් කරැණ තමයි මේ අවන්හලේදී වැඩිපුරම දකින්න ලැබෙන්නේ විදේශිකයන්. ඒ නිසා සේවා සැපයීමේදී විදේශිකයන්ට තරමක ප්‍රමුඛතාවයක් ලැබෙනවා කිව්වොත් වැරදි නැහැ. 

කෑමබීම ගැන කතාකරද්දී විවිධ රස රැසකින් පැස්තා වගේ ඉතාලි ආහාරත් සැලඩ් වර්ගත් මෙතැන තියෙනවා. ඊට අමතරව දිගම දිග කොක්ටේල් මෙනුවකුත් දකින්න පුළුවන්. අනික සතියේ දවස්වල හැන්දෑවේ පහත් හතත් අතර මෙතැනට ගියෝතින් වැඩි වාසි තියෙනවා. Happy Hour කියලා හඳුන්වන මේ වෙලාවෙදී ඔබ ගන්න ඩ්‍රින්ක් එකකට තව ඩ්‍රින්ක් එකක් නොමිලේ ලැබෙනවා. 

අනිත් වැදගත්ම කරුණ තමයි යන්න කලින් ටේබල් එකක් බුක්කරලා ගියොත්, පසුතැවිලි වෙන්න සිද්ධ වෙන එකක් නැහැ. 

- සුරංග