2019 ජනවාරි 26 වන සෙනසුරාදා

පියුමිගේ “පොත්හොලික්” විස්මිත සටහන් පොත් පෙළ

 2019 ජනවාරි 26 වන සෙනසුරාදා, ප.ව. 12:30 70

පුංචි කාලේ ඉඳන්ම සටහන් පොත්වලට, පෑන් පැන්සල්වලට මට තිබුණේ ලොකු ආසාවක්. අපි යාපනේ ඉන්දැද්දි බෝම්බ දාන හැමවෙලේකම වටින කියන දේවල් අරන් ගෙයින් එළියට යමු කියල අම්මා කෑගහද්දී මම කළේ ලස්සන සටහන් පොත් වගේම පෑන් පැන්සල් තුරුලු කරන් එළියට යන එකයි. ඒ තිබුණ ආසාව නිසාම පොත්හොලික් දැකපු මම විස්මයට පත්වුණා කිව්වොත් නිවැරදියි. 

පොත්හොලික් (Pothholic) කියන්නේ කාලයක් මුළුල්ලේ දැන්වීම් ක්ෂේත්‍රයේ නියැලිලා ඉන්න පියුමි වික්‍රම කියන තරුණියගේ වැඩක්. ඇය තමන්ට දකින්න තියෙන ගහ කොළ, සතුන්, පළතුරු වගේ බොහෝමයක් දේවල් වලින් අදහස් අරගෙන තමයි පොත්හොලික් සටහන් පොත් නිර්මාණය කරන්නෙ. ඇය කියන විදිහට, මේ සටහන් පොත්වල තියෙන්නේ ඉන්දුනීසියාවෙන් ගෙන්වන උසස්ම තත්ත්වයේ කඩදාසියි. ලංකාවේ කඩදාසි පාවිච්චි කරන්න පියුමි කැමැති වුණත් ඒවායේ ප්‍රමිතිය මදි නිසා ඈ තවමත් යොදාගන්නේ ඉන්දුනීසියානු කඩදාසියි.

ඇගේ සටහන් පොත් එකතුවේ අලුත්ම පෙළක් තමයි මැංගුස්ටීන් සටහන් පොත් පෙළ. මැංගුස් පළතුරෙන් හැඩවුණු කවරයක් සහිත මේ පොත් පෙළට දැනටමත් ලොකු ඉල්ලුමක් තියෙන බවයි දැනගන්න ලැබුණෙ.

දැනට Barefoot, The Design Collective, Arienti සහ Pendi වගේ විවිධ තැන්වලින් මේ පොත් මිලදීගන්න පුළුවන්. 

- ධනූ 
ඡායාරූප - You’re my favorite 

 

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00