2019 ජනවාරි 26 වන සෙනසුරාදා

HIT TIPS

 2019 ජනවාරි 26 වන සෙනසුරාදා, ප.ව. 12:30 25

ශ්‍රී ලංකා - ඉන්දුනීසියා ප්‍රසංගය

ජනවාරි 28 ඉඳන් පෙබරවාරි 2 දා වෙනතුරු කොළඹ 7 ලයනල් වෙන්ඩ්ට් කලාගාරයට ගියොත් අපූරු සංස්කෘතික ප්‍රසංගයක් නරඹන්න පුළුවන්. ශ්‍රී ලංකා ඉන්දුනීසියානු කලාකරැවන්ගේ එකමුතුවක් විදිහට ඉදිරිපත් කෙරෙන මේ ප්‍රසංගය උදෑසන 9 සිට රාත්‍රී 8 වෙනතුරු පැවැත්වෙනවා. 

චීන ස්පෙෂල් ආහාර දැක්ම

චීන අලුත් අවුරුද්ද නිමිත්තෙන්, කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලය විශේෂ චීන ආහාර වැඩසටහනක් සංවිධානය කර තිබෙනවා. ජනවාරි 25 ඉඳන් පෙබරවාරි 7 දක්වා පස්වරැ 7 සිට රාත්‍රී 11 දක්වා ලෝන්ග් ෆෙන්ග් අවන්හලේදී මේ විශේෂ චීන ආහාර ප්‍රවර්ධන වැඩසටහන පැවැත්වෙනවා.