2017 පෙබරවාරි 18 වන සෙනසුරාදා

ඔළුවෙන් හිටගෙන ගහන Football

 2017 පෙබරවාරි 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 92

පාපන්දු කියන්නෙ ලෝකෙ ජනප්‍රියම ක්‍රීඩාව. හැබැයි දැන් පාපන්දු සෙල්ලම් කරන්නේ තණකොල වැවුණු පිට්ටනිවල නෙමේ. සිරස් අතට තියෙන දැවැන්ත පුවරු තමයි අලුත්ම පාපන්දු පිටි. හරියට පාර අයිනේ තියෙන විශාල බිල් බෝඩ් එකක් වගේ විශාල පුවරු. 

ආරක්ෂිත කේබල්වලින් එල්ලී සිටින ක්‍රීඩකයෝ පුවරැවේ එහා මෙහා යමින් ක්‍රීඩාවේ නියැළෙනවා. පාපන්දුවත් රැඳී තිබෙන්නේ කේබලයක ආධාරයෙන්. සාමාන්‍ය පාපන්දු පිටියක වගේ මේ පුවරුවේත් දෙපැත්තේ ගෝලරකින්නන් දෙදෙනෙක් සිටිනවා. නමුත් එක් කණ්ඩායමක සිටින සාමාජිකයන් සංඛ්‍යාව තුන්දෙනෙක් පමණයි. මේ අපූරු ක්‍රීඩාව ආරම්භ වෙලා තියෙන්නේ ජපානයේයි. නමුත් දැන් දැන් ගොඩක් රටවල පාපන්දු ක්‍රීඩාවට ඇලුම් කරන පිරිස් මේ ක්‍රීඩාව අත්හදා බැලීමට යොමුවෙලා.

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00