2019 ජනවාරි 19 වන සෙනසුරාදා

Bowl’d අවන්හලේ හවායි කෑමදීසි

 2019 ජනවාරි 19 වන සෙනසුරාදා, ප.ව. 12:30 37

Bowl’d කියන්නේ ඔබ ගෙවන මුදලට උපරිම සාධාරණයක් ඉටු කරන අවන්හලක් විදිහට හැඳින්වුවොත් හරියටම හරි. අනිත්‍රා රත්නායක සහ රහාල් බාලසූරිය කියන දෙමිතුරන් දෙදෙනාගේ මිත්‍රත්වයෙන් බිහිවුණු මේ අවන්හලේ විශේෂත්වයක් වන්නේ බීම වර්ග හැරුණු විට අනිත් සේරම ආහාර Bowl එකක දමා පිළිගැන්වීමයි. 

ක්ෂණික එහෙත් පෝෂ්‍යදායී ආහාර පිරිනමන මේ අවන්හල ඊටම ආවේණික වූ රස රැසක් පාරිභෝගිකයන්ට සමීප කරනවා. ජපන් ආහාර සම්ප්‍රදායේ ආභාසය යහමින් ලැබුණු Poké  කියන්නේ මෙතැන තියෙන හවායි දූපතට ආවේණික ආහාර දීසියක්. යුමාමි සෝස්වල දාලා පිසගත්තු මාළු සහිත මේ ආහාරයේ විවිධ එළවළු සහ බත් අඩංගුයි.

අනිත් අතට පාරිභෝගිකයන්ට තමන්ට කැමති අමුද්‍රව්‍ය එකතු කරලා රිසි විදිහට Bowl එකක් හදාගැනීමේ නිදහස පවා තියෙනවා. Chicken karaage, Poké nachos,Teriyaki chicken, Strawberry watermelon limeade සහ Frozen cucumber limeade මෙතැනදී ලබාගන්න පුළුවන් හොඳම ආහාර වර්ග කිහිපයක් විදිහට හඳුන්වාදෙන්න පුළුවන්.

ධනූ 
සේයා රූ - you’re my favourite