2019 ජනවාරි 12 වන සෙනසුරාදා

ගිය අවුරුද්දේ බොක්කටම වැදුණු තැන්

 2019 ජනවාරි 12 වන සෙනසුරාදා, ප.ව. 12:30 95

අලුත් අවුරුද්දේ අලුත් තැන් ගැන කතාකරන්න කලින් පහුගිය අවුරුද්දේ මම ගමන් කරපු තැන්වලින් හොඳම තැන් කිහිපයක් ගැන ටිකක් කතාකරන්න හිතුණා. ඉතින් කිරලා මැනලා 2018 අවුරැද්දේ මගේ ප්‍රියතම ගමනාන්ත ටික මේ විදිහට පෙළගස්වන්න කැමැතියි. 

Thai Heritage Food Truck –

කොළඹ හැව්ලොක් පාරේ පිහිටලා තියෙන මේ ට්‍රක් ෆුඩ් අවන්හල ඉතාම ඉක්මනින් රස කෑමක් ගන්න පුළුවන් හොඳම තැනක්. ඒ වගේම අලුත් ආහාර අත්දැකීමක් විදිහටත් හඳුන්වන්න පුළුවන්. 

Tamarind Hill – 

ගාල්ලේ පිහිටා තියෙන මේ හෝටලය කියන්නේ වලව් අතීතය මුසුවෙච්ච ලස්සන බුටික් හෝටලයක්. 

KIKU Colombo – 

කොළඹ හතර ලෙස්ටර් ජේම්ස් පීරිස් මාවතේ පිහිටි මෙතැනදී ජපන් සහ ස්කැන්ඩිනේවියානු රස ආහාර අත්විඳින්න පුළුවන්. 

Kandos shop – 

තර්ස්ටන් පාරේ තියෙන කැන්ෙඩාස් සාප්පුවත් ගිය අවුරුද්දේ මා ගමන් කළ ප්‍රියතම තැනක්. ලංකාවේ පරණම චොක්ලට් රස සමුදායක් එක්ක තනි වෙන්න මෙතැනට ගියොත් පුළුවන්. 

Chambers – 

පාක් ස්ට්‍රීට් මිව්ස්වල තියෙන මේ අවන්හල තමයි මම මුලින්ම ලියපු මැදපෙරදිග ආරේ අවන්හල. හැබෑම තුර්කි සහ මොරොක්කෝ ආහාර මෙහිදී රස විඳින්න පුළුවන්. 

Midnight Divas – 

මේ වගේ දේවල් ලංකාවේ තහනම් මාතෘකා වුණත් මෙතැනට ගොඩවුණොත් ජීවිතේ රස විඳින්න පුළුවන් අලුත් ආකාරයක් ගැන ඔබටම සොයාබලන්න අවස්ථාවක් ලැබේවි. 

N F M Burger Hut – 

මේක කොම්පඤ්ඤවීදියේ තියෙන පුංචි කරත්තයක් කිව්වොත් හරි. හැබැයි අඩුම ගාණකට රසම බර්ගර්ස් කන්න පුළුවන් තැනක්.

Rocco’s – 

නාවල පිහිටා තියෙන මේ පිට්සා අවන්හල ඔබට නාවල රාජගිරිය අවට වාහන තදබදයෙන් මිදෙන්න හොඳ හේතුවක් සපයනවා. 

I ධනු