2017 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා

බහින කලාව කේන්ද්‍රයෙන් බලමු (භිර්ගු නන්දන නාඩි පර් යේෂණය)

 2017 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 300

සියලු හටගැනීම්, පැවතීම්, විනාශවීම් යම්කිසි රිද්මයකට අනුව එකාකාරීව ගලාගෙන යන්නේ විශ්ව නීතියට අනුවය. ඇති වුණෙත් නැති වෙයි. ඉහළට ගියොත් පහළට යයි. ධනවත් වුණොත් බංකොලොත්වේ. තනතුරු තාන්නර ලැබුණත් ඒවා නොසිතූ විටක ගිලිහී ගොස් තමා ප්‍රපාතයේ ආගාධයට වැටීමටද පසුබිම සැකසේ. මේවා ලෝක ධර්මතා බව පැහැදිළිය.

උත්පත්ති ග්‍රහ සටහනට අනුව ගෝචර ග්‍රහ බලය විසින් යම් යම් ඡන්මීන්ට උදාකරනු ලබන උත්තරීතර නිශේධ බලයට පයින් ගසන්නට හැකියාවක් ඇති කිසිදු ඡන්මයෙකු මේ මිහිපිට නොමැත. මෙම ලිපිය කියවන ඔබට වුවද අනාගතයේ එවැනි කනගාටුදායක ඉරණම්වලට ගොදුරු වන දිනක් මතුවිය හැක. ඒ කාලසීමාව හඳුනාගැනීම වැදගත්.

ශ්‍රී ලංකාවේ ‍ෙපෟද්ගලික මූල්‍ය ආයතන අතරේ බැබළෙන බැංකුවල සමහර හිමිකරුවන්ට බංකොලොත් වන්නට සිදුවිය. හිරේ විලංගුවේ වැටෙන්නට සිදු විය. ව්‍යාපාර ලෝකයේ හිනිපෙත්තටම නැග සිටි ධන කුවේරයෝ නිර්ධන අගාධයේ පතුලටම වැටී නොපෙනී ගිය අවස්ථා බොහෝය. රාජ්‍ය මෙන්ම පෞද්ගලික කේෂත්‍රවල ඉහළ තනතුරු හෙබවූවෝ ඒවායින් පෙරළී ගොස් තටු කැපුණු පක්ෂියකුගේ තත්ත්වයටම පත් වූහ. දේශපාලන ලෝකයේ කිරුළු පැළදූ භාග්‍යවන්තයින් සද්ධන්ත හස්තියෙකු පෙරළී යන්නා සේ විසිවී ගොස් අභාග්‍යයේ ඉරණම භුක්ති විඳින්නේය. එය එසේ සිදුවන්නට හේතුව භිර්ය නන්දන නාඩි සිද්ධාන්ත තුළින් විද්‍යාමාන කෙරෙන්නේය.

බංකොලොත් කිරීම් - රැකියා තනතුරු අහිමිකිරීම් (භිර්ගු නන්දන නාඩි සිද්ධාන්ත)

i.ගෝචර රාහු ග්‍රහයා ඡන්ම රවි මතට පැමිණීම
ii.ගෝචර ගුරු ග්‍රහයා ඡන්ම රාහුට දෘෂ්ටි එල්ල කිරීම
iii.ගෝචර ගුරු ග්‍රහයා ඡන්ම ශනි මතට පැමිණීම
iv.ගෝචර ගුරු ග්‍රහයා ඡන්ම කුජ මතට පැමිණීම
v.ගෝචර ශනි ග්‍රහයා ඡන්ම කුජට දෘෂ්ටි එල්ල කිරීම

 

අංක : 01 දරන උත්පත්ති සටහනේ රවි ග්‍රහයා මීනයේ සිටින බැව් පෙන්නුම් කෙරේ. අංක : 02 දරන රූප සටහනේ රාහු ග්‍රහයා මීනයේ ගෝචරය වෙයි. එවිට ඉහත සඳහන් ගෝචර රාහු ග්‍රහයා උත්පත්ති රවි මත ගමන් කිරීමේ සිද්ධාන්තය ක්‍රියාත්මක වෙයි. එමෙන්ම දෙවන සිද්ධාන්තය ද ක්‍රියාත්මක වී ගෝචර ගුරු ග්‍රහයා ඡන්ම රාහුට දෘෂ්ටි දෙයි. තනතුරු ලැබීම අහිමි කිරීමේ මෙකී සිද්ධාන්තය එකිනෙක ක්‍රියාත්මක විය. මෙම උත්පත්ති කේන්ද්‍රය ප්‍රබල දේශපාලනඥයකු වන රනිල් වික්‍රමසිංහගේය. 2006.11.11 දින ජනාධිපතිවරණයෙන් පරාජය වනවිට මෙම නිර්ගු සිද්ධාන්තය ක්‍රියාත්මක විය. 


අංක : 03 දරන උත්පත්ති සටහනෙහි ශනි ග්‍රහයා කටකයේ තැන්පත්ව ඇත. අංක 04 දරන ගෝචර සටහනේ දක්වා ඇත්තේ ගෝචර ගුරු කටකයේ ගමන් කරන බවය. ඒ අනුව ඉහත සඳහන් සිව්වන සිද්ධාන්තය ක්‍රියාත්මක වන බව පෙනේ. තවද ඒ සමඟම පැහැදිලි වන්නේ උත්පත්ති කුජ ග්‍රහයා මතින්ද ගෝචර ගුරු ග්‍රහයා ගමන් කරන බවය. ඉහත තුන්වන සිද්ධාන්තයද ඒ අනුව ක්‍රියාත්මක වෙයි.

මෙකී උත්පත්ති ග්‍රහ සටහන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේය. ජනතා වරම 2017 වසර තෙක්ම ලැබී තිබුණත් ප්‍රබල භිර්ගු නන්දන නාඩිය ක්‍රියාත්මක වීම මත සියලු බලතල ගිලිහවා ගැනීමට තමා විසින්ම ජනාධිපතිවරණය කලින්ම කැඳවා සියලු බලතල අහිමි කර ගත්තේය.

2017.08.18 රාහු ග්‍රහයා කටක රාශි ගතවී 2019.03.06 දක්වා කටකයේ සැරිසරයි. ගුරු ග්‍රහයා 2017.09.12 තුලා රාශියට පිවිසී 2018.10.11 දක්වා එහි සැරිසරයි. ඔබේද උත්පත්ති රවි - ශනි - කුජ - රාහු තැන්පත් ස්ථාන සළකා බලා කිසියම් අවදානමක පවතී දැයි යන්න විනිශ්චය කරගෙන ඊට උචිත වන ලෙස සැළසුම් සකසා ගන්නේ නම් මැනවි.

ඔබේ උත්පත්ති ඡන්ම පත්‍රයේ කටකයේ රවී සිටී නම් තත්ත්වය භයානකය. එමෙන්ම තුලාවේ ශනි හෝ කුජ යන දෙදෙනාමවත් සිටීනම් ඊටත් වඩා භයානකය. ව්‍යාපාර බංකොලොත් කර නොගෙන, රැකියා තනතුරු තානාන්තර රැකගැනීමටත්, දැඩි උත්සාහයක නියැලී බහින කලාවට කොටු නොවීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරගැනීමට පියවර ගැනීම ප්‍රඥ ගෝචර වනු ඇත.

ජ්‍යොතිෂ නන්දන
විශ්ව කීර්ති ජ්‍යොතිර් විද්‍යා පණ්ඩිත ශිරෝමණී
ගාල්ලේ අක්මීමණ තලගල
සුරා ශ්‍රී ගුණවර්ධන

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00