2017 අප්‍රේල් 13 වන බ්‍රහස්පතින්දා

චොකලට් ෂේක් එකත් හොඳ තේරිමක්

 2017 අප්‍රේල් 13 වන බ්‍රහස්පතින්දා, පෙ.ව. 06:00 32

කොළඹ කියන්නෙ මේ වෙද්දී කෝපි හල්වලින් පිරී යමින් තිබෙන නගරයක්. මේ නිසාම කොළඹ තියෙන කෝපි හල් කිහිපයකට ගොඩවැදිලා ඒවායේ අත්දැකීම් ගැන කතා කළ යුතුයි කියලා මට හිතුණා. හා හා පුරා කියලා මම ගියේ කොල්ලුපිටියේ පේද්‍රිස් මාවතේ පිහිටලා තියෙන Coffee Company වෙතටයි. 

කොළඹ නගරයේ හදවත වගේ තැනක පිහිටලා තියෙන මේ අවන්හල කාර්යබහුලත්වයෙන් ටිකකට මිදිලා ඉන්න හොඳට ගැළපෙන තැනක්. මිතුරන් කිහිපදෙනෙක් එක්ක වගේම තනියම වුණත් මොහොතක් ගෙවන්න Coffee & Company නියම පරිසරයක් ගොඩනඟලා තියෙනවා. කෝපි වලට අමතරව විවිධ රස ගැන්වූ තේ, පලතුරු යුෂ වගේ දේවල් ඔවුන් පිළිගන්වනවා. වෙනස් රස හොයාගෙන යන අයට ඔවුන්ගේ චොක්ලට් ෂේක් එකත් හොඳ තේරීමක්.
මම තෝරගත්තේ වැඩි දෙනෙක්ගෙ ඉල්ලීමක් තියෙන Chocolate Mocha Haven සහ Iced Caramel Macchiato කියන බීම වර්ග දෙක. ඒ දෙකම හුඟක් රසවත්. පෙනුමෙන්ම කියන්න පුළුවන්. මේ කෝපිහලේ හිමිකරු වන ඩිල්ෂාන්ගෙ ඉල්ලීමට කන්දීලා මම Cafe Latte එකකුත් ගත්තා. ඉතාලි ලාංකික රස සම්මිශ්‍රණය වෙච්ච අපූරු ගතියක් ඒකෙ තිබුණා. 

කෝපි හලක් වුණාට මේකෙ කෑම වර්ගත් තියෙනවා. ඒ අතර බොහෝමයක් ඉතාලි ආරේ කෑම. නමුත් ඒවාට පොල් සම්බෝල වගේ ලාංකිකත්වයකුත් ගාවලා තියෙන්නෙ අමුතු රසාස්වාදයක් ලැබෙන විදිහටයි. ඒ වගේම බ්‍රවුනීස් අයිස්ක්‍රීම් වගේ බොහොම හොඳ අතුරුපස එකතුවකුත් ඔවුන් සතුයි. 
පසුබිමින් ඇහෙන මිහිරි සංගීතයත්, සුවපහසු ආසනත් එක්ක ඉතා හොඳ කෝපි රැගත් අවන්හල් අත්දැකීමක් මෙහිදී ලබාගන්න පුළුවන්. 

ධනූ (ඩේලි මිරර්)
ඡායාරූප - You’re My Favorite

 2017 අප්‍රේල් 13 වන බ්‍රහස්පතින්දා, පෙ.ව. 06:00
 2017 අප්‍රේල් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 අප්‍රේල් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 අප්‍රේල් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00