2018 දෙසැම්බර් 29 වන සෙනසුරාදා

නිරූපාගේ ඩෙසර්ට්-කේක් මාරයි : උකු ඩාක් චොක්ලට්-මැදට රෝස්ට් කජු

 2018 දෙසැම්බර් 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 19

අපිට මුලින්ම නිරූපා හෝමර් වන්නියසිංහම් මුණගැහුණේ මීට අවුරුදු පහකට විතර උඩදීයි. ඇය හදන කේක්, විස්කෝතු සහ කුකීස්වල රස නිසාම ඇයව නැවත වතාවක් හොයාගෙන යන්න අපි කල්පනා කළා. මොකද ආයෙ කතා දෙකක් නෑ, කොළඹ තියෙන හොඳම අතුරුපස සහ කේක් වර්ග මෙතැනදී ලබාගන්න පුළුවන්. 

මම දන්න විදිහට ලේයර් තුනක් එක්ක ගෙදරදී හදන රසම චොක්ලට් බිස්කට් පුඩිම තියෙන්නෙ මෙතැනයි. උකු ඩාක් චොක්ලට් වගේම, මැද්දට රෝස්ට් කරපු කජු දාලා ආපහු උඩින් ග්‍රේට් කරපු චොක්ලට් කුඩු ඉහළා තියෙන මේ බිස්කට් පුඩිමෙ රස විස්තර කරන්න බැරි තරම් අපූරුයි!

නිරූපාගේ තවත් හොඳම අතුරුපසක් තමයි චොක්ලට් ෆජ් කේක් එක. ඩාක් චොක්ලට් ගනාෂ් වැඩිපුර දාලා හදන මේ කේක් එකත් හැබෑම චොක්ලට් රසය පිරුණු කේක් එකක්. 

කොහොම නමුත් ඇගේ රස එකතුවේ සදාකාලික රසය විදිහට Tiramisu හඳුන්වන්න පුළුවන්. ටාර්ට් විදිහට අමුතුම ආකාරයකින් Tiramisu හදන්න නිරෑපාට පුළුවන්. මේකෙ රසත් මට වචනවලින් විස්තර කරන්න බැහැ. දිවේ රස අංකුර පිනවන මේ කේක් එකත් රසවිඳිය යුතුම අතුරුපසක්. Kahlua දාලා තියෙන නිසා රස තවත් වැඩියි. 

ඊට අමතරව ෆ්‍රොස්ටඩ් කුකීස්, මිනි කප්කේක්, ඉක්ලෙයාර් වගේ රස ආහාර ගොඩක් නිරෑපාගෙන් ලබාගන්න පුළුවන්. ඒ වගේම උත්සව කාලෙට වඩාත් හොඳින් ගැලපෙන විදිහට ඇය හකුරු කේක් (Jaggery Cake) එකකුත් හදනවා. කුළුබඩු වර්ග වගේම කජු දාලා හදන මේ කේක් එකට ඈ සීනි පොඩ්ඩක්වත් දාන්නෙ නෑ. සීයට සීයක්ම කිතුල් හකුරු යොදාගෙනමයි මේ කේක් එක හදන්නෙ. 

නටාෂා ප්‍රනාන්දුපුල්ලේ 
ඡායාරූප - කණිෂ්ක ගනේවත්ත

 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 12:31
 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30