2019 ජනවාරි 12 වන සෙනසුරාදා

සේවක උද්ඝෝෂණ උත්සන්න වේ

 2019 ජනවාරි 12 වන සෙනසුරාදා, ප.ව. 12:30 38

මෙම වසර තුළ සිදුවන ප්‍රථම සූර්ය සංක්‍රාන්තිය 2019 ජනවාරි 14 වැනි සඳු දින සිදුවීමට නියමිතය. එදින රාත්‍රී 7.51ට රවි ග්‍රහයා සෙනසුරැට අයත් මකර රාශියට පිවිසේ. රවි ග්‍රහයා මකර රාශියෙහි රවිටම අයත් උත්‍රසල නැකතේ 2,3,4 වැනි පාදවල ගමනින්ද සඳුට අයත් සුවණ නැකතේ සම්පූර්ණවත් ලෙස අඟහරුට අයත් දෙනට නැකතේ ප්‍රථම හා දෙවැනි පාදවලත් ගමනින් 2019 පෙබරවාරි 13 වැනි බුධ දින උදේ 8.49 තෙක් රවි මකරයේ ගමනේ යෙදේ.

මේ තත්ත්වය අප රට කෙරෙහි බලපෑම ගැන සලකා බැලීමේදී රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට විවිධ වූ මාර්ග ඇතිවන බව පෙනේ. වැඩ කරන ජනතාවට යම් යම් ප්‍රශ්න, අර්බුද ඇතිවීමත් විවිධ ආයතනයන්හි උද්ඝෝෂණ උත්සන්න වීමද ඇතිවනු ඇත. වැඩ කරන සේවක පිරිසකට විෂක් ශරීරගතවීම හේතුවෙන් රෝහල්ගත වීමක්ද වාර්තා වෙයි. උසස් නිලධාරීන්ගේ කීර්තිනාමය හානියට පත්වීමත්, රජයේ උසස් ප්‍රධානියකුට හෝ නිලධාරියකුට මාරක ඇතිවනු ඇත. බන්ධනාගාර, කර්මාන්තශාලා, රෝහල්, ආරක්ෂක අංශ ආශ්‍රිතව අයහපත් සිදුවීම්ද වාර්තා වනු ඇත.

මේෂ - කටයුතු සාර්ථකයි

ඔබට ඉතා යහපත් ඵල අත්වන අතර ඔබ කරන කටයුතු සාර්ථක වීමත්, උසස්වීම් අපේක්ෂා කළ අයගේ බලාපොරොත්තු ද ඉෂ්ඨ වීමක්ද සිදුවනු ඇත. විදේශගත වීමේ අපේක්ෂාවෙන් සිටි අයටද ශුභ කාලයක් වේ.

වෘෂභ - කෙටි ගමන්

යහපත් ඵල ඇතිවනු ඇත. කෙටි ගමන් අධිකව යෙදෙනු ඇත. දේශපාලන කටයුතුවල නිරත වී සිටින අයට ශුභ ඵල අත්වේ. ගමන්වලින් හදිසි ශරීරපීඩා ඇතිවිය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න.

මිථුන - නීතිමය ගැටලු

නීතිමය ප්‍රශ්නයකට මැදිවිය හැකි බැවින් පරිස්සම් වන්න. ලියවිලිවලට අත්සන් තැබීමේදී කල්පනාකාරී වන්න. ගමන්වලින්ද හදිසි ශරීරපීඩා ඇතිවනු ඇත. උත්සාහයේ තරමට ඵලයක් ලබාගත නොහැකි වන කාලයකි.

කටක - සිත් අමනාපකම්

පවුල් දිවියේ සමගියට බාධා ඇතිවනු ඇත. පිටස්තර ගැටලුවකට මැදිවීමෙන් තමාගේ ගෞරවයට හානි විය හැකි බැවින් ඉවසීමෙන් කටයුතු කරන්න. තමාගේ කටයුතු හේතුවෙන් තම හිතවතුන් තමා සමඟ අමනාපකම් ඇතිකරගනු ඇත.

සිංහ - විදේශගතවීම්

ඔබට එරෙහිව පැවති සතුරු බලවේග අනාවරණය කරගත හැකිවනු ඇත. විදේශගත වීමේ අපේක්ෂාවෙන් සිටි අයගේ බලාපොරොත්තු ඉෂ්ඨ කරගත හැකිය. ගමන්වලින් හදිසි ශරීරපීඩා ඇතිවිය හැකි බැවින් පරිස්සම් වන්න.

කන්‍යා - ප්‍රේමයට බාධා

වැඩ කටයුතු අතපසුවීම්වලට ලක්වනු ඇත. ප්‍රේම සම්බන්ධතාවලට විවිධ බාධා ඇතිවන කාලයක් වේ. දේශපාලන කටයුතුවල නිරත වී සිටින අයට ශුභදායක වේ.

තුලා - උසස්වීම් ලැබේ.

ඔබට යහපත් ඵල අත්වේ. තමන් කරන කටයුතු සාර්ථක වෙයි. උසස්වීම් අපේක්ෂා කළ අයගේ බලාපොරොත්තු ඉෂ්ඨ කරගත හැකිවනු ඇත.

වෘශ්චික - හදිසි ශරීරපීඩා

සිතේ සහනය අඩුවන කාලයක් වේ. කෙටි ගමන් අධිකව යෙදෙනු ඇත. යම් යම් කටයුතු අතපසුවීම්වලට ලක්වනු ඇත. ගමන්වලින් හදිසි ශරීරපීඩා ඇතිවිය හැකි බැවින් පරිස්සම් වන්න.

ධනු - ඇස්වල රෝග

උත්සාහයේ තරමට ඵලයක් ලබාගත නොහැකි වනු ඇත. සිතේ සහනය අඩු වකවානුවක් වනු ඇත. ආර්ථික අපහසුතා ද ඇතිවනු ඇත. ඇස්වල පීඩා මතුවන සතියකි.

මකර - දුර ගමන්

ශුභ ඵල අත්වන නමුත් හදිසි ශරීරපීඩා ඇතිවිය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. සේවා ස්ථානයෙහි උසස්වීම් අපේක්ෂා කළ අයගේ බලාපොරොත්තු ඉෂ්ඨ කරගත හැකි වේ. දුර ගමන් යෙදෙන කාලයක් වේ.

කුම්භ - ප්‍රතිඵල දුර්වලයි

ඔබට එතරම් යහපත් නොවනු ඇත. උත්සාහයේ තරමට ඵල ලබාගත නොහැකි වේ. විදේශගත වීමේ අපේක්ෂා ඉෂ්ඨ කරගත හැකි වේ. පවුල් දිවියේ සමගියටද බාධා මතුවනු ඇත. ඇස් ආශ්‍රිත පීඩා උද්ගත වේ.

මීන - දඩබ්බර ගති

දේශපාලන කටයුතුවල නිරතව සිටින අයට ශුභ ඵල අත්වනු ඇත. තම මතයට අනුව ක්‍රියා කිරීම හේතුවෙන් හිතමිතුරන් තමා සමඟ සිත් අමනාපකම් ඇතිකර ගනී. ව්‍යාපාරික කටයුතුවල නිරත අයටද ශුභ ඵල අත්වනු ඇත.

ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදි ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යොතිෂ පර්යේෂණායතනය
ඔලබොඩුව, ගෝනපල

 2019 ජනවාරි 12 වන සෙනසුරාදා, ප.ව. 12:31
 2019 ජනවාරි 05 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජනවාරි 12 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජනවාරි 12 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජනවාරි 05 වන සෙනසුරාදා, ප.ව. 12:30