2019 ජනවාරි 05 වන සෙනසුරාදා

රසනහර පිනවන සරීටාගේ Dot’s

 2019 ජනවාරි 05 වන සෙනසුරාදා, ප.ව. 12:30 128

සරීටා ෆොන්සේකා කියන හැටියට ඉවුම් පිහුම් කලාව කියන්නේ ඈට උපතින්ම ලැබුණු දෙයක් නෙමෙයි.  ඇය හිතාමතා ආසාව නිසා උගත් දෙයක් විදිහට තමයි ඇය ඉවුම් පිහුම් කලාව දකින්නේ. නමුත් ඇගේ පවුල තුළ ඉතාම දක්ෂ සූපවේදීන් කිහිපදෙනකුම ඉඳලා තියෙනවා.

සරීටා තමාට පියා ඇමතූ සුරතල් නාමය වන Dot’s නමින් ඉවුම් පිහුම් ව්‍යාපාරයක් පටන්ගන්නේ 2014 වසරේ අවසානයත් එක්කයි. හරියටම කිව්වොත් ඇගේ පියාගේ අභාවයත් සමඟයි. ඒ අනුව අද වෙද්දී ඇණවුම් අනුව රසවත් ආහාර ලබාදෙන ඉදිරිපෙළේ කෙනෙක් බවට ඈ පත්වෙලා. 

ඇගේ ආහාර රසබලන්න අපි පටන්ගත්තේ Chicken Liver Pâté වලින්. බ්‍රැන්ඩි දාලා බටර් සමඟ අමුතුම රෙසිපියකට ඈ පිළිගන්වන මේ Pâté දීසියේ තියෙන්නේ ඇත්තටම දිව්‍යමය රසයක්. Spinach, Strawberry and Corn Salad කියන්නේ ඇහැ වගේම දිවත් පිනවන සලාදයක්. ඒකෙ රසය වගේම සැහැල්ලුවත් නැවුම් ගතියත් නිසා ඉතාම පරෙස්සමට පිළියෙල කරන සුවිශේෂී සලාදයක් විදිහට එය හඳුන්වන්න පුළුවන්. ඒ වගේම කජු යහමින් යොදලා තියෙන නිසා සලාදයේ රස දෙගුණ තෙගුණ වෙනවා.

සරීටාගෙන් ආහාර ඇණවුමක් ලබාගන්න සිතනවා නම් Prawn and Mushroom Quiche කියන්නේ නොම්මර එකේ තේරීමක්. ඉස්සන් දාලා හදපු මේ බටර් සහ ක්‍රීම් ගතියෙන් යුත් ආහාර දීසිය වෙනම රස ලෝකයකට ඔබට කැඳවාගෙන යාමට සමත් බවට සැකයක් නැහැ. ඊට අමතරව succulent Buttery Whole Roast Chicken, Pork Chops in Spiced Wine Reduction සහ Cauliflower and Brussels Sprouts Au Gratin වගේ  රස ආහාර රැසක් සරීටා පිරිනමනවා. ඒවා හයදෙනකුට සහ දහ දෙනකුට වශයෙන් විවිධ ප්‍රමාණවලින් ඇණවුම් කළහැකියි. 

ඈ පිළියෙල කරන අතුරුපස ගැන කතාකිරීමේදී Bread and Butter Pudding එක විශේෂයි. හරි ගාණට කැරමලයිස් කරපු පුඩිම උඩට වැනිලා අයිස්ක්‍රීම් හැන්දකුත් දාලා දෙන රසය වෙන කිසිම පුඩිමකින් ගන්න බැහැ.

I නටාෂා ප්‍රනාන්දුපුල්ලේ 
ඡායාරූප - කණිෂ්ක ගනේවත්ත 

 

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00