2020 ජුලි 25 වන සෙනසුරාදා

රිය අනතුරු බහුලවේ

 2020 ජුලි 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 164

ග්‍රහ මණ්ඩලයේ සෙන්පතියා වූ අඟහරු තමාට සම රාශි භවනක් වූ ගුරුට හිමි මීන රාශියෙහි ගමන් කරමින් සිටියදී බුධට අයත් රේවතී නැකතේ ගමන් කිරීම 2020 - ජූලි මස 24 වැනි සිකුරාදා සිට ආරම්භ කරයි. 2020 අගෝස්තු මස 16 වන ඉරු දින දක්වාම මෙලෙස ගමන් කිරීම සිදුවනු ඇත.

මෙම තත්ත්වය ඔබට සහ අප රටට බලපාන්නේ කෙසේදැයි සලකා බලමු.
මෙය මහජනයාට අයහපත් වූ කාල වකවානුවක් වන අතර ආර්ථික අපහසුතා ද ඇතිවනු ඇත. තවද මහජනයාගේ සෞඛ්‍ය තත්ත්වයද පිරිහී යන්නාවූත් කාලයක් වන අතර උණ රෝග ආශ්‍රිත පීඩා මෙන්ම කොරෝනා වෛරසය පැතිරී යාමෙන්ද රෝහල් රෝගීන්ගෙන් පිරී යනු ඇත. නව ආරෝග්‍ය ශාලා පරිශ්‍ර ඉදිරි කාලය තුළ සෑදීමටද සිදුවන කාලයක් වන අතර කොරෝනා මෙන්ම උණ රෝග නිසා සිදුවන මරණ ද වාර්තා වන කාලයක් වනු ඇත. බිහිසුණු රථවාහන අනතුරුවල වර්ධනය තවදුරටත් ඇතිවේ. මිනිසුන් බුද්ධියෙන් තොරව කටයුතු කරමින් තැනින් තැන ආරවුල් ඇති කරගැනීමත් පහරදීම් ද ඝාතනය කිරීම් ද බහුලව වාර්තා වනවා ඇත. සියලුම ජනතාව මෙම වකවානුව තුළ තමන් අදහන ආගමට අනුකූලව කටයුතු කිරීමත්, රතන සූත්‍රය, අභිසම්භිධාන පිරිත නිතර සජ්ඣායනා කිරීමත් යහපත් බව පවසමු.

මීළඟට ඔබට

මේෂ - මත ගැටුම්
තම හිතවතුන් සමඟ මතගැටුම් ඇති වන කාලයක් බැවින් ඉවසීමෙන් කටයුතු කළ යුතුය. වෛරස් රෝග වැළඳීමේ ප්‍රවණතාවක් ඇති බැවින් පරිස්සම් විය යුතු කාලයක් වේ.

වෘෂභ - රෝග වැළඳේ
ඔබට එරෙහි සතුරු උවදුරු පැනනගින මුත් ඒවා පාලනය කරගත හැකි වේ. බෝවන රෝග වෛරස් රෝගවලින් පරිස්සම් වීම වැදගත් වේ.

මිථුන - සේවා ස්ථානයේ අවුල්
ඔබට අයහපත් නොවන නමුත් ඔබගේ සේවා ස්ථානය ආශ්‍රිතව පැවති මතභේද තරමක් දුරට පාලනය කරගත හැකි වනවා ඇත. දරුවන් ලැබීමට සිටින අය පරිස්සම් වීම වැදගත් වේ.

කටක - බොරු ආරංචි
ඔබගේ කටයුතුවලට බාධා ඇතිවන කාලයක් වන අතර යම් යම් බොරු ආරංචිවලින් බියවීමට ලක්වනවා ඇත. ඇස් ආශ්‍රිත පීඩා ද මතුවන කාලයකි.

සිංහ - කටයුතු අඩාලයි
ඔබ ඉතා පරිස්සම් විය යුතු කාලයක් වන අතර ඔබගේ කටයුතු අඩාල වීමත් හදිසි ශරීර පීඩා ඇතිවීමත් වෛරස් රෝග වැළඳීමත් සිදුවිය හැකිය.

කන්‍යා - ධන හානි
ඔබගේ කාලාත්‍රයාට අයහපත් වන කාලයක් වන අතර ඔහුට හෝ ඇයට වෛරස් රෝග ඇතිවිය හැකිය. තැන්පත් ධනයද වියදම් විය වී යන්නා වූත් කාලයක් වනු ඇත.

තුලා - ශරීර පීඩා
ඔබටද අයහපත් වන අතර හදිසි ශරීර පීඩාද  ඇතිවිය හැකි අතර වෛරස් රෝග වැළඳීමට හැකියාව ඇති බැවින් පරිස්සම් විය යුතු කාලයක් වේ.

වෘශ්චික - වාහන පරිස්සමෙන්
ළඟින් ඇසුරු කළ අයකුට අයහපත් වනු ඇත. ඔබගේ ලැබීම් මාර්ගවලට බාධා ද ඇතිවන අතර වාහන පැදවීම් කිරීමේදීද පරිස්සම් විය යුතු කාලයකි.

ධනු - ඉවසීම හොඳයි
ඉඩකඩම් පිළිබඳ පැවති ප්‍රශ්නයක් මගහැරී යන අතර පවුල් දිවියේ ගැටලු හා ගැටුම්කාරී තත්ත්ව ඇතිවිය හැකි බැවින් නිතර ඉවසීමෙන් කටයුතු කළ යුතුයි.

මකර - විවිධ බාධා
ඔබට අයහපත් වන අතර ඔබගේ කටයුතුවලට විවිධ බාධා ඇතිවනවා ඇත. ගමන් බිමන්වලින් මෙන්ම බෝවන රෝගවලින් ද පරිස්සම් විය යුතු කාලයකි.

කුම්භ - උණ රෝග
ඔබට ඉතා අයහපත් කාලයක් වන අතර වෛරස් රෝග ද උණ රෝගද ඇතිවන කාලයක් වේ. වාහන පැදවීමේදී හා මහමග ගමන් කිරීමේදීත් ඉතා පරිස්සම් විය යුතු කාලයක් වේ.

මීන - වද දෙන ප්‍රශ්න
ඔබට ද අයහපත් වන කාලයක් වන අතර සිතට වද දෙන ප්‍රශ්න ඇති වනවා ඇත. රථ වාහන ආශ්‍රිතව කටයුතු කරන අය පරිස්සම් විය යුතුය. වෛරස් රෝග වැළඳීමේ ප්‍රවණතාව ද ඇති කාලයක් වේ.

රාජ්‍ය නැකැත් කමිටු සාමාජික
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවනැණ ජ්‍යොතිෂ පර්යේෂණායතනය
ඔලබොඩුව, ගෝනපල.

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00