2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා

මෙනුවත් ඩිජිටල් ජපන් රස වින්දනය Edo Japanese Restaurant

 2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා, ප.ව. 06:30 187

එදෝ කියන්නෙ ජපන් ඉතිහාසයේ තවත් එක් සුවිශේෂී යුගයක්. නමුත් මේ කතාව නම් එදෝ Colombo city center හි දෙවැනි මහලේ තියෙන Edo Japanese restaurant එක ගැනයි. Chef Tyro තමයි මේ අවන්හලේ අයිතිකරු. බේරේ වැවේ දර්ශනීය දසුනක් විඳින ගමන් සන්සුන් සුව පහසු ආහාරවේලක් රස විඳින්න Edo අවන්හලේ දි ඔබට පුළුවන්.

ඩිජිටල්කරණය කළ මෙනුවකින් පහසුවෙන්ම ආහාර තෝරාගත හැකි නිසා සේවාව සැබැවින්ම විශිෂ්ටයි. මුලින්ම බීම වර්ග විදිහට තෝරාගැනුණේ Edo crush ලෙස නම් කරපු mocktail එක සහ Burning mandarin. විශේෂයෙන්ම Edo crush ආහාරවලට හොඳ සහායකයක් වගේම උණුසුම් දවසකට අපූරු බීමක්.

පළමුවෙන්ම අපි රස වින්ඳෙ ජපන් ආහාර අතර නැතුවම බැරි vegetable tempura සහ chicken karaage. හැපෙන සුළු රසයට tempura sauce එක් වුණාම හරිම අපූරුයි.

ඊළඟට රස වින්ඳෙ Edo sushi sampler. Sushi කියන්නෙ ජපානයේ විතරක් නෙවෙයි ලෝකයේම ජනප්‍රිය ආහාරයක්නේ. නමුත් මෙහි විශේෂත්වය තමයි sushi වර්ග අටකින් මේ ආහාරය සමන්විත වීමයි. Chicken Teriyaki, Tyro maki rolls වගේම Girlled salamon with the Mushroom Risotto ත් රස බලන්න පුළුවන් වුණා. සැබැවින්ම ජපන් රසය යහමින් පිරුණු ආහාරවේලක්. අතුරුපස වර්ග බොහොමයක් අතරින් මම තෝරාගත්තෙ Molten chocolate lava cake. හොඳ තෝරාගැනීමක් වුණු බව කියන්නම ඕන.

සන්සුන් නිස්කලංක ආහාරවේලක්, ජපන් වින්දනයක්, අපූරු රසයක්. ඉතින් ඔබත් එදෝ අවන්හල වෙත ගොඩවදින්න අමතක කරන්න එපා.

life.lk ඇසුරින්

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00