2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා

මුළු විශ්වයටම අයහපත් දින කිහිපයක්

 2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා, පෙ.ව. 06:30 295

ග්‍රහ මණ්ඩලයේ සෙන්පති වූ අඟහරු තමාට උච්ච රාශි භවන වූ මකර රාශියට 2020 මාර්තු මස 22 වැනි ඉරැ දින සවස 2 පසුවී විනාඩි 40ට පිවිසේ. එසේ පිවිස 2020 මැයි මස 4 වැනි සඳු දින රාත්‍රී 8 පසුවී විනාඩි 41 දක්වාම මකර රාශියෙහි බලවත්ව ගමන් කරනු ඇත. අඟහරු මේ වන විටත් මකර රාශියෙහි ගමන් කරන සෙනසුරැ සමඟ යෝගව මෙම වකවානුව තුළ ගමන් කිරීම නිසා මුළු විශ්වයටම අයහපත් වූ ඵල උදා කරන දින කිහිපයක් බවට පත්වනු ඇත. එසේ වුවද මෙම කාලසීමාව තුළ මේෂ, කටක, මකර හා තුලා ලග්නවලින් උපදින අය හට ඉතා වාසනාවන්ත වූ යෝග බලයක් වන පංච මහා පුරැෂ යෝග බලයක් වූ රැචක යෝග බලය උරුම වෙයි.

රට තුළ පවතින ග්‍රහ තත්ත්වය විමසීමේදී මේ වකවානුව රජයේ ප්‍රධානීන්ට අයහපත් වන කාල වකවානුවක් වන බව කිව යුතුය. රට තුළ අපරාධ ක්‍රියාවන්හි ඉහළ යාමක් ඇතිවන අතර කර්මාන්තශාලා මෙන්ම මහජනයා රුස්වන ස්ථාන ආශ්‍රිතව හදිසි විපත් ද, පිපිරීම් ද, ගිනිගැනීම් ද වාර්තා වන කාලයක් වෙයි. රෝහල් සේවකයන් විසින් සිදු කරන ලද නීති විරෝධී ක්‍රියාවල් වාර්තා වන කාලයක් ද වේ. රටට උතුරු ප්‍රදේශයේ පවතින වෙනත් රටවල්වලින් රටට අහිතකර මත්ද්‍රව්‍ය, ආයුධ වැනි දේ හොර රහසේ රුගෙන ඒමට උත්සාහ දරණ කාලයක් වන බැවින් ඒ ගැන අවධානයෙන් සිටිය යුතු කාලයකි. මෙම කාල වකවානුව තුළ අනෙකුත් රටවලට බලපෑ ආකාරයටම පාලනය කිරීමට නොහැකි ලෙස උණ ආදී වසංගත රෝගාබාධයක් රට තුළ පැතිර යනු ඇත. රටේ ආර්ථිකය තවදුරටත් පහළ බසින අතර බිහිසුණු රථවාහන අනතුරැ ද බහුල වන කාලයක් වෙයි.

මීළඟට ලග්න අනුව සලකා බලමු.

මේෂ - උසස්වීම් හිමිවේ

ඔබට ඉතා යහපත් වූ ඵල අත්වන අතර, රැචක යෝග බලයේ ඵල අත්වනු ඇත. විශේෂයෙන් ඔබ කරන කටයුතු සාර්ථක බවට පත්වන අතර උසස්වීම් හිමිවේ. උරැම හිමිකම් ද අත්කරගත හැකිවනු ඇත.

වෘෂභ - බොරු ආරංචි

ඔබගේ උත්සාහයේ තරමට ඵල නොලැබෙන කාලයක් වන අතර, වැඩිපුර ඔබ ගැන පමණක් සිතා කටයුතු කිරීමට පෙළඹීම නිසා හිතමිතුරන් තමා සමඟ සිත් අමනාපකම් ද ඇතිකර ගනී. යම් යම් කටයුතු අතපසු වන කාලයක් ද වේ. බොරු ආරංචිවලින් බියට පත්වන වකවානුවකි.

මිථුන - මිතුරාගෙන් විපතක්

ඔබට අයහපත් වූ ඵල අත්වන අතර හදිසි කරදර, ප්‍රශ්නවලට මුහුණදීමට සිදුවන කාලයක් ද වේ. ඔබ ළඟින් සිටි හිතමිතුරකු නිසා ඔබට කරදරයක් ද ඇතිවීමට ඉඩ තිබේ. ශරීරයේ ලේ දෝෂ ගතියක් ද ඇතිවන අතර හදිසි ශරීර පීඩා ද ඇතිවන කාලයක් වනු ඇත.

කටක - රැකියා ප්‍රශ්න මඟහැරේ

ඔබට ද පංච මහා පුරුෂ යෝග බලයක් වූ රැචක යෝගයේ ඵල අත්වනමුත් පවුල් දිවියේ සමගියට බාධා ඇතිවන කාලයක් වේ. රුකියාව ආශ්‍රිත පැවති ප්‍රශ්න මඟහැරී යන කාලයක් ද වේ. උදර පීඩාවක් ද මතුවනු ඇත.

සිංහ - හදිසි කේන්ති ගති

ඔබට එරෙහිව යම්කිසි ආකාරයක සතුරැ බලවේගයක් පැවතියේ නම් එම සතුරැ උපද්‍රවය මඟහරවාගත හැකිවනු ඇත. යම් යම් කටයුතුවලින් ඔබට ලැබෙන ඵල ප්‍රයෝජන අඩුවන කාලයක් ද වේ. හදිසි කේන්ති ගති පාලනය කරගෙන කටයුතු කළ යුතු කාලයක් ද වේ.

කන්‍යා - උදර රෝග

හදිසි කේන්ති ගති ඇතිවන කාලයක් වන අතර විරැද්ධ ලිංගික ආකර්ෂණයට ලක්වනු ඇත. දියුණුවට බාධාවීම් ඇතිවන සමයකි. රථවාහනවල කටයුතු කරන අයට ශුභ ඵල අත්වනු ඇත. උදර ආශ්‍රිත පීඩාවක් මතුවන කාලයක් වේ.

තුලා - වාහනයක් මිලට ගනී

ඔබට ද ශුභ ඵල උදා කරන රුචක යෝග බලයේ ඵල අත්වනු ඇත. උරැම හිමිකම් ලබාගත හැකි කාලයක් වන අතර වාහනයක් මිලදී ගැනීමට ද යහපත් වේ. සේවා ස්ථානය ආශ්‍රිතව පැවති ප්‍රශ්න ද මඟහැරී යනු ඇත.

වෘශ්චික - ලේ දෝෂ ගති

කාර්මික ක්ෂේත්‍රයේ නියැලි අයට ශුභ ඵල අත්වනු ඇත. ඔබට එරෙහි සතුරැ බලවේග පරාජය කිරීමට ද හැකියාව අත්වනු ඇත. අන් අය අතර කැපීපෙනෙන තත්ත්වයට පත්විය හැකි අතර ලේ දෝෂ ගති ඇතිවනු ඇත.

ධනු - ලිංගික ආකර්ශනය

තම දේ රුකගෙන කටයුතු කිරීමට පෙළඹෙන කාලයක් වේ. හිතමිතුරන්ගෙන් යම් යම් ප්‍රශ්න මතුවනු ඇත. විරැද්ධ ලිංගික ආකර්ෂණයට ලක්වනු ඇත. යම් යම් කටයුතුවලට බාධා ද ඇතිවනු ඇත. උණ රෝග පීඩාවක් මතු වේ.

මකර - කැපී පෙනේ

ඔබට ද ශුභ ඵල අත්වන රුචක යෝගයේ ඵල අත්වන අතර අන් අය අතර කැපීපෙනෙන තත්ත්වයට පත්වේ. තමන් කරන කටයුතුවල සාර්ථක වීමක් ඇතිවන කාලයකි. ඉඩමක් වාහනයක් මිලදී ගැනීමට ද ශුභ වන කාලයක් වේ.

කුම්භ - සතුරු උපද්‍රව

සේවා ස්ථානය ආශ්‍රිතව ප්‍රශ්න ඇතිවිය හැකි කාලයක් වන අතර යම් යම් ආරංචි හේතුවෙන් බියට පත්වීම් ද වන කාලයක් වේ. ඔබට එරෙහිව පැවති සතුරු උපද්‍රව පාලනය කරගත හැකි කාලයක් ද වේ.

මීන - භූමියට ශුභ ඵල

ඔබට යහපත් ඵල අත්වන අතර ඔබගේ දේ රුකගෙන කටයුතු කළ හැකි කාලයක් වේ. විරැද්ධ ලිංගික ආකර්ශනයට ලක්වනවා ඇත. භූමිය ආශ්‍රිතව කටයුතු කරන අයට ශුභ ඵල ද අත්වනු ඇත. 

 

ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදි ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යොතිෂ පර්යේෂණායතනය
28 ඔලබොඩුව, ගෝනපල

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00