2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා

ටෝස්ට් කුරක්කන් සැන්ඩ්විච් සමඟ Life food ඇඟට ගුණ රස ආහාර

 2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 12:30 66

Life food කියන්නෙ කොළඹ නගරයේ තියන සෞඛ්‍ය සම්පන්න ආහාර අලෙවි කරන අවන්හලක්. ආසන 20කින් වගේ සමන්විත කුඩා අවන්හලක් වුණත් ඔවුන්ගේ delivery සේවාව නම් ජනප්‍රියයි. ඉතින් මම Life food වෙත ගොඩවැදුණේ ඔවුන්ගෙ මෙනුවට අලුතින්ම එකතුවුණු ආහාර වර්ග කිහිපයක් රස බලන්න.

බීම වර්ගයක් විදිහට නම් තෝරගත්තෙ මෙනුවෙ කලින් ඉඳන්ම ඇතුළත් Refresher එකක්. කොමඩු, පිපිඤ්ඤා, දෙහි සහ මින්ට් සාරයෙන් රසවත් වුණ නිසාම උණුසුම් දවසකට හොඳ සිසිල් පානයක්.

ආහාර අතරින් නම් The italian කියල නම් කරලා තියන විවිධ ඉතාලියානු පිරවුම් එකතු කර toast කළ කුරක්කන් Sandwich අමතක කරන්නම බෑ. පෝෂ්‍යදායි වගේම හරිම රසවත්. Hush upනෙ Life food මෙනුවෙ තවත් අලුත්ම අංගයක්. තම්බපු බිත්තර, දුම්ගහපු Salmon, rocket leaves වගේ දේවල් එකතුකරගත් Hush up කටක් ඔබේ මුඛය සතුටින් පුරවනවා ඇති. ඉස්සො, හතු, සාරණ, සුදුලූනු, තක්කාලි, පිපිඤ්ඤා, බෙල් පෙපර් වගේ ගොඩාක් අමුද්‍රව්‍ය එකතුවුණු මේ ආහාරය අපේ rice &curry වලට සමාන කමක් දක්වනවා කිව්වොත් නිවැරදි.  Soba sensei කියන්නෙ මේ මෙනුවට අලුතින්ම එක්වුණු තවත් විශේෂ ආහාරයක්. ජපන් noodles වර්ගයක් වන නිසා හරිම රසවත්.

ඉතින් Life food වෙත එකතුවුණු හැම ආහාරයක්ම රසයෙන් විතරක් නෙවෙයි ගුණයෙනුත් අනූනයි. ඒ නිසා Life food වෙත ගොඩවදින්න ඔබත් අමතක කරන්න එපා.

I ධනූ

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00