2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා

මෙන්න නියම තුර්කි ඩෙසර්ට් අවන්හලක් Twister

 2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 12:30 26

Twister කියන්නෙ ලංකාවෙ අද වනවිට ජනප්‍රිය අතුරුපස අවන්හලක්. තවත් ආහාර වර්ග ගොඩක් ඔවුන්ගෙ මෙනුවෙ අන්තර්ගතයි. Colombo city centerහී a house one the moonවලදීත් ඔවුන්ගෙ අතුරුපස රසවිඳින්නට පුළුවන්. ඔවුන්ගෙ අලුත්ම අවන්හල පිහිටලා තියෙන්නෙ ගාලු පාරේ Momos by Ruvi එක ආසන්නයේ.

ඔවුන්ගෙ මෙනුව කුඩා වුණත් විශිෂ්ඨ එකක්. මූලික වශයෙන් lavash, sub, salad  වර්ගවගේම Sauce වර්ගත් fillings වර්ගත් රාශියක් තියෙනවා. විශේෂයෙන්ම තුර්කි ආහාර තමයි මේ අවන්හලේ විශේෂත්වය. අපිට පිළිගන්වපු ආහාර අතර hummus with pita bread කියන්නෙ මේ නගරයේ තියන හොඳම hummus වර්ගය කිවහොත් නිවැරදියි. ඒ වගේම tuffle sauce එක්ක chicken shawarmaත් අපූරුයි. කොහොම නමුත් මගේ හිත ඇදිලා ගියේ සාම්ප්‍රදායික තුර්කි ආහරයක් වුණු Iskender වෙතට. හරිම රසවත්. අවසාන වශයෙන් රස බලපු currywurst සැරම සැර madras curry එකකින් හා french friesවලින් සමන්විත වුණා.

ඔවුන්ගෙ මූලිකම ආහාර අතුරුපස වුණත් මෙවර අපි අතුරුපස නම් රස බැලුවෙ නෑ. අනෙකුත් ආහාර වර්ග කිහිපයක් තමයි තෝරාගත්තෙ. ඉතින් පවුලේ අය එක්ක යාළුවෝ එක්ක අපූරු අත්දැකීමක් විඳගන්න Twister වෙත ඔබටත් එන්න පුළුවන්.

Life Web ඇසුරින්

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00