2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා

සොබාදහමත් එක්ක නිවාඩුවකට අපූරු නවාතැන Ehalagala Lake Resort

 2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 12:30 102

සීගිරිය, පිදුරංගල කියන්නෙ සංස්කෘතික ත්‍රිකෝණයේ වඩාත් සුවිශේෂී සංචාරක ගමනාන්ත දෙකක්. ඊට නුදුරින් පිහිටි ඉහල්ගල වැව වනාහී අපූරු පාරිසරික සුන්දරත්වයකින් යුක්තයි. ඉහල්ගල වැව අසල වන සතුන් සැරිසරන මේ අපූරු පරිසරයේ පිහිටා තියන Ehalagala Lake Resort ගැනයි මේ සටහන.

2016 මාර්තු මස ඇරඹි හෝටලය දේශීය සංස්කෘතිය හා මුසුවූ සුඛෝපභෝගී නිවාඩුවක් සංචාරකයන්ට තිළිණ කරනවා. වැවෙහි දසුන් නෙත ගැටෙන deluxe rooms 2ක්, පිදුරංගල නෙත ගැටෙන super deluxe rooms 4ක් සහ triple rooms 4ක්, සීගිරිය නෙත ගැටෙන villas 4ක් සහ honeymoon suite එකකින් හෝටලය සමන්විතයි. මේ හැම කාමරයක්ම TV, WiFi, tea/ coffee makers ඇතුළු සුඛෝපභෝගී පහසුකම් රැසකින් යුක්තයි.

දිවුල් හෝ තැඹිලි වීදුරුවකින් ඔබව පිළිගත් මොහොතේ පටන් විශිෂ්ට ආහාර අත්දැකීමක් ලබාදෙන්නත් ඔවුන් සූදානමින්. Eastern Western ඕනෑම ආහාරයක් ඔබට පිළිගන්වන්නට සැදීපැහැදී සිටින ඔවුන්ගේ ආහාරවල මුසුවූ දේශීයත්වය හරිම සුවිශේෂි. නැවුම් එළවළු පළතුරු, වැව් මාළු ඒ විශේෂත්වයට මඟ කියනවා. සාම්ප්‍රදායික කමතක් තුළ නිර්මාණය කරපු රොමාන්තික වටපිටාවක ආහාර රසවිඳින්නටත් jungle BBQ අත්දැකීමක් ලබන්නටත් ඔබට පුළුවන්. 

Ehalagala Lake Resortහී ලැඟුම් ගන්න සංචාරකයන් හට අලිඇතුන් පක්ෂීන් ඇතුළු වනසතුන් නරඹන්න, ත්‍රාසජනක සවාරි යන්න වගේම සීගිරිය, පිදුරංගල සහ පොළොන්නරුව, දඹුල්ල, රිටිගල ඓතිහාසික ස්ථාන නරඹන්නත් සෆාරි යන්නත් අවස්ථාව සැලසෙනවා. සැබැවින්ම සොබාදහම හා ඉතිහාසය මැද ගවේෂණාත්මක නිවාඩුවකට Ehalagala Lake resort අපූරු නවාතැනක් වේවී.  

සනත් වීරසූරිය

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00