2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා

ජල ගැලීම් සුලි කුණාටු

 2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 120

ග්‍රහමණ්ඩලයේ සෙන්පති වූ අඟහරු සිකුරු ග්‍රහයාට අයත් වූ තුලා රාශියට 2019 නොවැම්බර් මස 10 වැනි ඉරැදින දහවල් 2 පසු වී විනාඩි 24ට පිවිසෙයි. එසේ පිවිස දෙසැම්බර් මස 25 වැනි බුධ දින රාත්‍රි 9 පසුවී විනාඩි 27 දක්වා එකසේ ගමන් කරනු ඇත.

අප රට කෙරෙහි අවධානය යොමු කිරීමේදී නීති ක්ෂේත්‍රයේ විශාරදයකුට ආගමික නායකයකුට මාරක ඇති වන කාලයක් වන අතර කාලගුණික විපර්යාස සිදුවෙමින් ගොවිතැන් වගා භූමි හා නිවාසවලට මෙන්ම නිවැසි ජීවිතවලටද හානි ඇතිවීම සිදුවේ. ජල ගැලීම්ද සුලිකුණාටුද ආරම්භ වනු ඇත. නාවික යාත්‍රා ඔරැ පාරු හදිසි අනතුරැවලට පත්වේ. අපරාධ ක්‍රියාද මංකොල්ලකෑම්ද වර්ධනය වන කාලයකි.

මේෂ - උදර රෝග

පවුල් දිවිය ආශ්‍රිත ප්‍රශ්න ඇතිවන කාලයක් බැවින් ඉවසීමෙන් කටයුතු කරන්න. ඔබගේ කලත්‍රයාට හදිසි ශරීර පීඩාද ඇතිවන කාලයකි. ව්‍යාපාරික කටයුතුවල නිරත වී සිටින අයකු නම් ලාබ අඩුවෙන සමයක් වේ. උදරයේ පීඩාවක් සඳහා ප්‍රතිකාර ගැනීමටද සිදුවනු ඇත.

වෘෂභ - උෂ්ණ රෝග

ඔබට එරෙහිව පැවති සතුරු උපද්‍රව පරාජය කිරීමට හැකියාව අත්වන අතර යම් යම් කටයුතු වෙනුවෙන් නොබියව ඉදිරිපත් වන්නාවූත් කාලයක්ද වේ. ශරීරයේ උෂ්ණාධික රෝග පීඩා මතුවන බැවින් ආහාර ගැන සැලකිලිමත් විය යුතුවේ.

මිථුන - පෙම් සබඳතා

විරුද්ධ ලිංගික ආකර්ෂණය ඇතිවීමද ප්‍රේම සම්බන්ධතා ඇතිවීමද සිදුවන කාලයක් වේ. මිතුරන්ගේ ගැටලුවලට මුහුණදීමට සිදුවන බැවින් කල්පනාකාරීවන්න. තමන් කිරීමට යන කටයුතු සඳහා බාධා වීම්ද ඇතිවන කාලයක් වේ. මුත්‍රා පීඩාවක් මතුවනු ඇත.

කටක - නව රැකියා

හදිසි කේන්ති ගති පාලනය කරගෙන කටයුතු කළ යුතු කාලයක් වේ. දේපල පිළිබඳ පැවති ගැටලු මගහැරී යනු ඇත. නව රුකියාවක් බලාපොරොත්තු වූයේ නම් එම බලාපොරොත්තුව ඉෂ්ඨ කරගත හැකිවනු ඇත.

සිංහ - සතුරු උවදුරු දුරුවේ

තාක්ෂණික කටයුතුවල නිරත වී සිටින අයට ශුභඵල අත්වන අතර නිර්මාණශීලී අදහස් ජනිත වන කාලයක්ද වේ. ඔබට එරෙහිව පැවති සතුරැ උපද්‍රව දුරැ කරගත හැකිවනු ඇත. ඔබටද නව රැකියා බලාපොරොත්තුද ඉෂ්ට වන කාලයක් වේ.

කන්‍යා - නොබියව ඉදිරියට

තම දේ රැකගෙන කටයුතු කරන කාලයක් වන අතර ආර්ථික වර්ධනයක් සිදුවන වකවානුවකි. යම් යම් කටයුතු වෙනුවෙන් නොබියව ඉදිරිපත් වන අතර තම අවශ්‍යතා රැසක් ඉටු කරන්නා වූත් කාලයක්ද වේ. මිතුරකු නිසා තමාට යම්කිසි ප්‍රශ්නයක් ඇතිවිය හැකි බැවින් අවධානයෙන් කටයුතු කරන්න.

තුලා - හදිසි ධනලාභ

හදිසි ධනලාභ අත්වන කාලයක් වේ. ඔබගේ කටයුතු ඔබගේ උනන්දුව මත සාර්ථක බවට පත් කරගන්නා වූත් වකවානුවක් වේ. ලබාගත යුතු උරැම හිමිකමක් උරුමකර ගැනීමට යහපත් වන්නාවූත් කාලයකි.

වෘශ්චික - අද්භූත චෝදනා

ඔබ විසින් සිදු නොකරන ලද දේවල් සඳහා අද්භූත චෝදනා එල්ල වන්නාවූ කාලයක් වේ. පවුල් දිවියේ සමගිය බිඳ වැටීමට හේතු වන ආකාරයේ ප්‍රශ්න ඇතිවන කාලයක් බැවින් ඉවසීමෙන් කටයුතු කරන්න.

ධනු - මැණික් ලැබීම්

භූමිය ආශ්‍රිතව කටයුතු කරන අයට ඉතා ශුභඵල අත්වන අතර පතල් කටයුතු කරන අයට වටිනා මුතු මැණික් ලැබෙන කාලයක් වේ. අලුතෙන් වාහනයක් මිලදී ගැනීමටද ශුභ වන කාලයකි.

මකර - සේවා ගැටලු ලිහේ

සේවා ස්ථානය ආශ්‍රිතව පැවති ප්‍රශ්න මගහැරී යන අතර නව රුකියා අපේක්ෂාද ඉටුවන කාලයකි. විරුද්ධ ලිංගික බැඳීම්ද ඇතිවන අතර උදර පීඩාවක් ඇතිවන කාලයක්ද වේ.

කුම්භ - බොරු ආරංචි

කාර්මික ක්ෂේත්‍රයේ කටයුතු කරන අයට ශුභ වන වකවානුවකි. යම් යම් කටයුතුවලදී ඔබගේ උත්සාහයේ තරමට ලැබෙන ඵලය අඩුවන අතර බොරැ ආරංචියක් නිසා බියට පත්වීමකේද වන කාලයකි.

මීන - ධනය නාස්තියක්

ඔබ ළඟින් ඇසුරු කරන මිතුරකු නිසා ගැටලු ඇතිවන කාලයකි. නව කටයුතුවලට විවිධ වූ බාධා ඇතිවනු ඇත. යම් ආරංචියක් නිසා තම ධනය නිකරැනේ වියදම් වී යන කාලයකි.

ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදි ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යොතිෂ පර්යේෂණායතනය
ඔලබොඩුව, ගෝනපල