2019 ජනවාරි 05 වන සෙනසුරාදා

අනුරපුර පෙනෙන දුර Kubura

 2019 ජනවාරි 05 වන සෙනසුරාදා, ප.ව. 12:30 274

වර්තමානයේදී අනුරාධපුර නගරය යනු අතීත නටබුන්, බෞද්ධ සිද්ධස්ථාන වගේම දැවැන්ත වාරි නිර්මාණවලින් පිරුණු ප්‍රදේශයක්. ලංකාවේ සිංහල බෞද්ධ සංස්කෘතියේ ජීවමාන සාධකයක් විදිහට හඳුන්වන්න පුළුවන් අනුරාධපුරය ඒ නිසාම ජනප්‍රිය සංචාරක කලාපයක්. 

අනුරාධපුර සංචාරක කලාපයට එක්වුණු අලුත්ම හෝටල් අත්දැකීම ගැනයි අපි මෙවර කතා කරන්නෙ. ඒ තමා කුඹුර රෙසෝට් (Kubura Resort). මනරම් වෙල්යායකට මායිම්ව පුත්තලම පාරේ පොතානගම පිහිටා තිබෙන මේ හෝටලයේ සිට පූජා නගරයට මිනිත්තු කිහිපයකින් ඇවිද යා හැකියි. කුඹුර රෙසෝට්හි නවීන පන්නයේ සුවපහසු කාමර අටක් දකින්න පුළුවන්. ඒවායේ වායුසමීකරණ, මිනිබාර්, තේ/ කෝපි පහසුකම, කේබල් ටීවී, ජාත්‍යන්තර ඇමතුම් සහ වයිෆයි වගේ පහසුකම් අඩංගුයි. ඒ වගේම කෙටි බැල්කනියක් සහ ගෙමිදුලක් ද කාමරවලට ඉදිරියෙන් නිර්මාණය කර තිබෙනවා.

සාම්ප්‍රදායිකත්වයත් නවීනත්වයත් කදිමට මුහුකරගත් හෝටලයක් විදිහට කුඹුර රෙසෝට් හඳුන්වන්න පුළුවන්. එක් පසෙකින් කුඹුරු යායක දර්ශනයත්, අනෙක් පසින් නවීන පන්නයේ අලංකාර පිහිනුම් තටාකයත් ඒ බව හොඳින් තහවුරු කරනවා. මේ නිසා කෙටි කාලයක් තුළ විශාල ජනප්‍රියත්වයක් හිමිකරගන්නත් ‘කුඹුර’ සමත්වෙලා.

මෙතැනට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් හැමකෙනකුටම ගැලපෙන ආහාර වේලක් භුක්ති විඳීමේ අවස්ථාවත් උදාවෙනවා. කොහොම නමුත් හෝටලයේ ආහාර සුවිශේෂත්වය වන්නේ නම් දේශීය කෑමබීමයි. පිටරට සංචාරකයන් පවා දේශීය කෑම රස විඳින්නේ මහත් වූ රුචියකින්. නමුත් ඉංග්‍රීසි/ අයර්ලන්ත පන්නයේ සහ ආසියානු උදෑසන ආහාරවේලක් වුණත් මෙහිදී ලබාගන්න පුළුවන්.

ප්‍රධාන අවන්හලට අමතරව පිහිනුම් තටාකය අසල ටෙරසයත් සුන්දර ආහාර අත්දැකීමක් සමීප කරවනවා.

අනුරාධපුර පූජා භූමියට අමතරව, ලංකාවේ දෙවැනි විශාලතම වනෝද්‍යානය වන විල්පත්තුව කරා ගොස් අලියන්, දිවියන්, මුවන්, හම්බාවන්, කුරුල්ලන් ආදී සත්ත්ව විශේෂ දැකගන්න යන්නත් මෙතැන සිට බොහොම පහසුයි. ඒ වගේම කලාවැව, අවුකන, රිටිගල, හුරැළුවැව උද්‍යානය, මින්නේරිය සහ තන්තිරිමලේ වගේම මැදවච්චිය අසල පිහිටි පුරාණ ගල් විහාර ආශ්‍රමයක් වන ‘ඉසින් බැස්ස ගල' කරාත් ළඟාවෙන්න පුළුවන්. 

මේ වනවිට තවත් සුඛෝපභෝගී කාමර අටක් සහ 400 දෙනකුට අසුන් පැනවිය හැකි උත්සව ශාලාවක් සඳහාත් හෝටලය ලහිලහියේ සූදානම් වෙනවා.

 සනත් වීරසූරිය
    සේයාරූ - ශාන් බන්දු වීරසිංහ

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00