2019 ජනවාරි 05 වන සෙනසුරාදා

HIT TIPS

 2019 ජනවාරි 05 වන සෙනසුරාදා, ප.ව. 12:30 37

බැද්දගාන සොබාදම් චාරිකාව

දෙමාපියන්ටයි පොඩ්ඩන්ටයි එකට එකතු වෙලා කොළඹට නුදුරු තැනක අපූරු සොබාදම් චාරිකාවක් යෑමේ අවස්ථාවක් ජනවාරි 6 වැනිදා උදාවෙනවා. ඒ කෝට්ටේ බැද්දගාන තෙත් බිම් උද්‍යානයේදීයි. ඉරිදා උදේ 7.30ට ආරම්භ වන චාරිකාවට වනජීවී මාර්ගෝපදේශකයකුත් එකතුවන නිසා අලුත් තොරතුරු ගොඩක් දැනගන්න ලැබේවි. 

ගාලු කොටුවේ නිර්මාණ දැක්ම

චිත්‍ර නිර්මාණ, ඡායාරෑප, මූර්ති ඇතුළු එකී මෙකී නොකී කලා නිර්මාණ රැගත් Galle Art Trail ප්‍රදර්ශනය ජනවාරි 16 ඉඳන් 20 දක්වා ගාලු කොටුව පරිශ්‍රයේ පැවැත්වෙනවා. දෙස් විදෙස් නිර්මාණ දකින්න වගේම නිර්මාණකරුවන් මුණගැසී කතාබහ කරන්නත් එය කදිම අවස්ථාවක් වේවි.