2018 දෙසැම්බර් 29 වන සෙනසුරාදා

31 රෑ තමයි රෑ

 2018 දෙසැම්බර් 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 87

තිස් එක රෑ කියන්නේ කොළඹට, විශේෂයෙන්ම කොළඹ තරු හෝටල්වලට සැණකෙළි සිරියක් ගෙනෙන දවසක්! අවුරුද්දක් ගතවෙලා අවුරුද්දක් ලබන මොහොතේ විනෝදයෙන් ගත කරන්න ගොඩක් දෙනෙක්ගේ තේරීමක් බවටත් මේ තිස් එක රෑ සාද පත්වෙලා. ඉතින් එහෙම සාදයකට යන්න සැලසුම් කරන කෙනෙක්ට මෙදා කොළඹ 31 රෑ සාද ගැන පොඩි ඔත්තු කිහිපයක් දෙන්නයි අපේ සූදානම. 

කලම්බු සිටි හොටෙල් මෙදා 31 රෑ සාදය වෙනුවෙන් හැත්තෑව, අසූව සහ අනූව දශකවල සංගීතය එකතු කරගන්න සූදානමින් ඉන්නවා. ඒ සඳහා සංගීතය සපයන්නේ X-Generation බෑන්ඩ් එකයි. ස්කොච් විස්කි රැගත් මේසවලින් සමන්විත මේ සාදය සඳහා එක් කෙනකුට රුපියල් හාරදාහක් විතර වෙනවා කියලයි දැනගන්න තියෙන්නෙ. 

ඩච් හොස්ට්පිට්ල් අංගණයේ තියෙන RnR අවන්හලේත් 31 රෑ සාදයක් පැවැත්වෙනවා. OiC සංගීතය සහිත මේ සාදයේදී මේස විවිධ මිල ගණන්වලට අලෙවි වෙනවා. විශේෂයෙන්ම තෝරාගත්ත බ්‍රෑන්ඩ්ස් කිහිපයකින් බෝතල් 4ක්, රයිඩර්ස් 6ක්, ටිකිලා බෝතලයක් සහ චේසර්ස් 4ක් සහිත මේසයක් රැපියල් 48,000ක් වෙනවා. ඒ වගේම  බ්ලැක් ලේබල් බෝතල් දෙකක්, බකාඩි බෝතලයක්, වයින් බෝතලයක්, රයිඩර්ස් 6ක් සහ චේසර්ස් 8ක් සහිත මේසයක් රුපියල් 58,000 ක්. 

31 රාත්‍රිය වෙනුවෙන් වෝටර්ස් එජ් හෝටලය සූදානම් වෙන්නේ මේරියන්ස් සහ මිස්ටි කියන සංගීත කණ්ඩායම් දෙකත් සමඟිනුයි. රුපියල් විසි දහසකට අලෙවි වන එයාලගේ පැකේජ් එකට රාත්‍රී ආහාරය වගේම පසුදා උදෑසන ආහාරයත් අඩංගුයි. ඒ වගේම එයාලගේ බුෆේ එක කොච්චර ලොකු ද කියනවා නම් ආහාර අයිතම 500ක් විතර තියෙනවා කියලත් සඳහන්.

ටාජ් සමුද්‍රා හෝටලය 31 රෑ ජාත්‍යන්තර අත්දැකීමක් සමීප කරන්න සූදානමින් ඉන්නවා. එයාලගේ Grand Marquee ශාලාවේදී ජාත්‍යන්තර ගායක දෙපළක් වන R.I.O සහ ALBA එකතු වෙනවා. රෑ ආහාරය වගේම උදෑසන ආහාරයත් සහිත මේ රාත්‍රී සාදය සඳහා එක් කෙනකුට රුපියල් 18,000ක් විදිහට මිල නියම කරලා තියෙනවා. දහ දෙනකුගේ මේසයකට වටිනා විස්කි බෝතලයක්, රම් බෝතලයක්, වොඩ්කා බෝතලයක් ඇතුළු කම්ප්ලිමෙන්ටරි එකතුවකුත් තියෙනවා. 

කිංග්ස්බරි හෝටලය වෙනස් ආරේ රාත්‍රී සාදයක් මෙවර 31 රෑ සූදානම් කරලා තියෙනවා. නිවර්තන කලාපීය (Tropical) තේමාවෙන් යුත් මේ සාදයට ටොබි ස්කොට්ගේ DJ සංගීතය එකතු වෙනවා. බාබකිව් රාත්‍රියක් ලෙස ගෙවෙන මේ සාදයට එක් අයකුගෙන් රුපියල් 5,600ක් අය කෙරෙනවා. 

ෂැංග්‍රිලා හෝටලය මෙවර 31 රෑ සාදය පවත්වන්නේ එළිමහන් ස්ථානයකයි. Bebop "the Barking Crickets" සංගීතය ඇතුළු විවිධ ක්‍රියාකාරකම් පිරුණු මේ රාත්‍රී සාදයේදී රුපියල් 11,000 සිට විසි දහස දක්වා මිල ගණන්වලට විවිධ පැකේජ තියෙනවා.

හිල්ටන් හෝටලය සුපුරුදු පරිදි තමන්ගේ 31 රූ සඳහා ඩොක්ටර් සංගීත කණ්ඩායමත් ෆ්ලේම්ස් සංගීත කණ්ඩායමත් යොදාගෙන තියෙනවා. දහ දෙනාගෙන් යුතු මේස විදිහට පිළියෙල කරන සාදය පැවැත්වෙන්නේ ග්‍රෑන්ඩ් බොල්රෑම් එකේයි. මේ පැකේජ් එකේ මිල රුපියල් 18,888ක් විදිහට සඳහන්. 

සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ 31 රෑ සාදය පැවැත්වෙන්නේ ඕක් රූම් එකේදීයි. මනිලාල් සහ උපේඛා සමඟ Damian සහ DeeZone කණ්ඩායම් මේ සාදයට සංගීතය සපයනවා. ඒ විතරක් නෙමේ, නව වසරේ උදාව සමරන්න පූල් සයිඩ් එකේ මල්වෙඩි සැණකෙළියකුත් තියෙනවා. රාත්‍රී ආහාරය සහ දේශීය උදෑසන ආහාරවේලකින් සමන්විත මේ සාදය සඳහා එක් අයකුට රුපියල් 18,000ක් වියදම් වෙනවා.