2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා

ලන්ඩන් වේදිකාව කොළඹට ගේන Mama Mia සංගීත ප්‍රසංගය

 2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 49

නෘත්‍යමය ප‍්‍රසංග ලෝලීන්ගේ සිත් ප‍්‍රබෝධයට පත් කරන තවත් පියවරකට එළඹෙමින් කොළඹ විනෝදාස්වාද අග නගරය ලෙස සැලකෙන Cinnamon Life ලන්ඩනයේ West End වේදිකා නිෂ්පාදනයක් වන Mama Mia නෘත්‍යමය සංගීත ප‍්‍රසංගය කොළඹ නගරය වෙත රැගෙන ඒමට සැරසෙන්නේ 2018 වසරේ දෙවැනි වරටත් දැවැන්ත නෘත්‍යමය ප‍්‍රාසංගික අත්දැකීමක් රසිකයන්ට තිලිණ කරමිනුයි.

2020 නිල වශයෙන් හඳුන්වාදීමෙන් අනතුරුව කොළඹ නගරයේ ජීවන රටාව පරිවර්තනයකට ලක් කරමින් ඉහළ තලයකට රැගෙන ඒම සඳහා Cinnamon Life විසින් ඉදිරිපත් කරනු ලබන බහු විධ ක‍්‍රියාකාරකම් සඳහා මෙම නවෝත්පාදනය එක් නිදසුනක්. ඒ අනුව දෙසැම්බර් මස 22 - 30 දක්වා දින 9ක් පුරා නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී අති නවීන තාක්ෂණය ආධාරයෙන් මෙම නෘත්‍යමය ප‍්‍රසංගය ඉදිරිපත් කරන්නේ අතර ජාත්‍යන්තර වශයෙන් කීර්තියක් දිනූ ශිල්පීන් කණ්ඩායමක් විසින්. ලන්ඩනයේ නෘත්‍යමය අවකාශය නැවතත් මෙහිදී ප‍්‍රති නිර්මාණය කිරීමට නියමිතයි.

කොළඹ නගරය විනෝදාස්වාද සහ ආගන්තුක සත්කාර පිළිබඳ කේන්ද්‍රස්ථානයක් බවට ස්ථානගත වෙමින් පැවතීම පිළිබඳව සලකා බලන විට එහි නව ප‍්‍රතිරූපය ගොඩ නැංවීම සඳහා ඇතැම් අවශ්‍යතා සපුරාලීමද සිදු විය යුතුව තිබෙනවා. විනෝදාස්වාද සහ ආගන්තුක සත්කාර සේවාවන් සපයන්නකු ලෙස මෙම අවශ්‍යතා සපුරාලීම සඳහා Cinnamon Life මේ ආකාරයේ නවෝත්පාදනයන් නිර්මාණය කිරීමට සහ ඒ සඳහා සහාය දැක්වීමට නිරන්තර උත්සාහයන්වල නිරතවේ. ඒ කොළඹ නගරයෙන් දිය හැකි දෑ තව තවත් වැඩි දියුණු කරමින් ශ‍්‍රී ලංකාව කලාපයේ මහත් අපේක්ෂිත ගමනාන්තයක් බවට පත් කිරීමේ අනාගත දැක්මකින් යුතුවයි.