2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා

HIT TIPS

 2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 57

කැෆේ කුඹුක් කුකීස් ගොඩක්

මෙදා නත්තල් කෑම මේසයට ගෙදර හැදූ කුකීස් තියන්න ඔබ හිතන් ඉන්නවාද? එහෙම හිතනවානම් දෙසැම්බර් 23 වැනිදා කැෆේ කුඹුක් වෙතට ගියොත් ගෙදර සෑදූ කුකීස් ඇතුළු තවත් නත්තල් රසකැවිලි රාශියක් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම මේ රසකැවිලි අලෙවියෙන් ලැබෙන ආදායම මුළුමනින්ම වෙන් වෙන්නේ, කාන්තාවන් කිහිපදෙනෙකුගෙන් සෑදිලා තියෙන ප්‍රශක්ති කියන පුණ්‍ය ආයතනයටයි. ඔවුන් දැනට අවුරුදු 25ක් තිස්සේ මහරගම පිළිකා රෝහලට දායකත්වය දෙන පිරිසක්. 

මිරිස්ස KAMA අවුරුදු සාදය

අලුත් අවුරුදු උදාව කොළඹින් ටිකක් බැහැරට ගිහින් විනෝදයෙන් සමරන්න කැමැති අයට මිරිස්ස කාමා මගින් හොඳ අවස්ථාවක් මෙදා පාරත් සලසලා දීලා තියෙනවා. ඒ තමයි WHITE | KAMA MIRISSA NYE 2019! තුන්වැනි වරට පැවැත්වෙන මේ අලුත් අවුරුදු සාදයේදී ලංකාවේ හොඳම ඩීජේ සංගීතයට නටමින් ගයමින් ප්‍රීති වෙමින් අලුත් අවුරුද්ද පිළිගන්න ඉඩ ලැබේවි.