2018 දෙසැම්බර් 15 වන සෙනසුරාදා

කොළඹ රසවත්ම බීෆ් බර්ගර් එක!

 2018 දෙසැම්බර් 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 84

කොල්ලුපිටියේ සිට වැල්ලවත්ත දක්වා මුහුද අයිනෙන් දිවෙන මැරීන් ඩ්‍රයිව් කියන්නේ අවන්හල් රාශියක් පිරුණු පාරක්. ඉතාලි, චීන, ඉන්දියානු ආදී විවිධ තාලයේ අවන්හල් අතරින් White and Co කියන්නේ තරමක් වෙනස් අනන්‍යතාවයක් තියෙන අවන්හලක් කිව්වොත් නිවැරදියි. ඒකට හේතු ගොඩක් තියෙනවා. මූලිකම හේතුවක් තමා මෙතැන පෙනුම. පිටතින් බැලූවිට ලොකු විශේෂත්වයක් දැනුණෙ නැතිවුණත් අවන්හලට ඇතුළුවුණු ගමන්ම එන්නේ තරමක වික්ටෝරියානු හැඟීමක්. ලී තරප්පු පේළියත් ඒකට ලොකු සාධකයක්. 

තවත් හේතුවක් තමා අනිත් බොහෝ අවන්හල් වගේ කලබල සහිත තැනක් නොවීමයි. මෙතැන හරිම නිස්කලංක අවන්හලක්. සාමාන්‍ය මැක්ඩොනල්ඩ් වගේ අවන්හලක් එක්ක සංසන්දනය කරලා බලද්දි හරියට අහසයි පොළොවයි වගේ. අල්පෙනෙත්තක් වැටුණත් ඇහෙන තරමේ නිස්කලංක බව නිසා පැය කිහිපයක් තිස්සේ කෝපි කෝප්පයක් තොල ගාන ගමන් පොතක් බලන්න, නැත්නම් කම්පියුටරේ දිග ඇරගෙන වැඩක් කරන්න නියම තැනක්.

මෙතැන ප්‍රධානම දේ තමා කෝපි. විවිධ වර්ගයේ විවිධ රසවලින් යුත් නැවුම් කෝපි මෙතැන තියෙනවා. එයාලගේ කෝපි කවුන්ටරෙන් මිලදී ගන්නත් පුළුවන්. හැබැයි කෝපි වලට විතරක් ම මෙතැන ලඝු කරන්නත් බෑ. මොකද වයින්, බීර, ස්කොච් පවා මෙතැනදී ගන්න පුළුවන්. අනිත් කාරණේ තමයි කොළඹදී රස විඳින්න පුළුවන් රසවත්ම බීෆ් බර්ගර් එකක් මෙතැන තියෙනවා. බර්ගර්වලට අමතරව ලසන්යා, පැස්තා වගේ තවත් බටහිර පන්නයේ කෑමවර්ග බොහෝමයක් දැකගන්න පුළුවන්. 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00