2016 දෙසැම්බර් 31 වන සෙනසුරාදා

ත්‍රාසය, සුන්දරත්වය එකට කැටිවන මවුන්ටන් බයිසිකලේ කඳු සවාරි

 2016 දෙසැම්බර් 31 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 119

 

මවුන්ටන් බයිසිකල් මත නැගී කඳුකරයේ දින කිහිපයක් ගෙවන්නට හැකි නම්... ඔව්. ත්‍රාසය වගේම සුන්දරත්වය කැටිකරගත් අත්දැකීමක් විඳින්න කැමැති ඕනෑම කෙනෙක්ට මවුන්ටන් බයිසිකලයක නැගී කඳු අතරින් දුෂ්කර මාර්ග ඔස්සේ ධාවනයේ යෙදෙනවා කියන්නේ හරි අපූරු ආස්වාදයක් ගෙන දෙන ක්‍රියාකාරකමක්. 

ලංකාව කියන්නේ දුෂ්කර ගමන් මාර්ගත් ඒ දුෂ්කරත්වයට අපූර්වත්වයක් එක්කළ සුන්දර භූමි දර්ශනත් එකතුවුණු තැන් බහුල රටක්. විශේෂයෙන්ම අපේ මධ්‍යම කඳුකරයේ ඒ වාගේ තැන් බහුලයි. ඉතින් වෙනස් විදිහේ නිවාඩුවක් ගැන හිතන කෙනෙක්ට මවුන්ටන් බයිසිකලයක නැගලා ඒ තැන් කරා යන්න හොඳ අවස්ථාවක් තියෙනවා. 

ත්‍රාසය සුන්දරත්වය වගේම මේ විදිහේ සංචාරයක යෙදීමේ තවත් හොඳ පැත්තක් තමයි පරිසරයට බොහොම ළෙන්ගතුව සිදුකෙරෙන ගමනක් වීම. වාහනයක නැගිලා සංචාරයක යනවා වගේ පරිසරයට අහිත දුම් වායු පිටවීමක් මෙතැනදි වෙන්නෙ නැහැනෙ. 

හැබැයි මේ චාරිකාවෙදි අතුරු ආන්තරා වෙන්න පුළුවන් නිසාම හෙල්මටයක් වගේම සපත්තු පැළඳගෙන සිටීමත් ගොඩක් වැදගත්. මේ විදිහේ චාරිකා කණ්ඩායම් වශයෙන් සූදානම් කරන අයත් ඉන්නවා. Extreme biking Sri Lanka කියලා ගූගල් කළොත් එහෙම පිරිස් ඕන තරම් හොයාගන්න පුළුවන්.