2016 දෙසැම්බර් 24 වන සෙනසුරාදා

ගෝල්ෆේස් නානාගේ දයියා Koththu

 2016 දෙසැම්බර් 24 වන සෙනසුරාදා, ප.ව. 08:04 227

 

කොත්තු කියන්නේ ගොඩක් ජනප්‍රිය වීථි ආහාරයක්. ඉතින් කොළඹ තියෙන හොඳම කොත්තුව මොකක්ද කියලා හොයාබලන්නයි අපේ මේ සූදානම. ඉතින් කොත්තු පිළිගන්වන තැන් කිහිපයකටම අපි ගියා. පිලාවුස්, ගෝල්ෆේස් නානා කඩේ වගේම රමාඩා හෝටලටත්ද කොමන්ස් අවන්හලටත් අපි කොත්තු හොයාගෙන ගමන් කළා. 

අපි මුලින්ම ගොඩවුණේ කොළඹ ෆ්ලවර් රෝඩ් එකේ තියෙන ද කොමන්ස් අවන්හලටයි. ද කොමන්ස් කියන්නේ ගොඩක් දෙනෙක් ආහාර ගන්න වගේම විවේකයට විනෝදයටත් එකතු වෙන තැනක්. එතැන තිබෙන චිකන් කොත්තුව අනිවාර් යෙන්ම රසවිඳිය යුතු ආහාරයක්. මේ කොත්තුව අඩුත් නැති වැඩිත් නැති නියම ප්‍රමාණයකින් පිළිගන්වනවා. ඒ වගේම පෙනුමේ තියෙන තවත් වෙනස්කමක් තමයි කොත්තුවේ උඩින් coffee shake අතුරලා තියෙනවා. ඒ නිසාම අලුත් රසයක් මේ කොත්තුවෙන් විඳින්න පුළුවන්.

එතැනින් පස්සෙ අපි ගමන් කළේ රමාඩා හෝටලයටයි. ඔවුන් සතුවත් කොත්තු රස රැසක්ම තියෙනවා. නමුත් රමාඩා ඉස්සන් කොත්තුව තමයි හොඳම. ඒ කොත්තුවේ රස තවත් වැඩිවෙන්නෙ ඒ සමඟම දෙන නියම ව්‍යාංජනයත් සියඹලා සෝස් එකත් නිසායි. 

රමාඩා තරු හෝටලයේ ඉඳන් අපි කෙළින්ම ගියේ ගෝල්ෆේස් නානා කඩේටයි. ඇත්තටම මුහුද අද්දර නානා කඩේ කියන්නෙ කොත්තුවක් රස විඳින්න කියාපු තැනක්. එතැන කොත්තුවේ ප්‍රධානම වෙනස තමයි කට දන සැර ගතිය. එතැන සාමාන්‍ය චිකන් කොත්තුවක් රුපියල් දෙසීය පනහයි. 

අන්තිමට අපි ගියේ තවත් ප්‍රසිද්ධ තැනක් වෙන පිලාවුස් වෙතයි. බම්බලපිටියේ පිහිටලා තියෙන මේ ප්‍රසිද්ධ සයිවර් කඩේත් හොඳ රස කොත්තු පිළියෙල වෙන තැනක්. හැබැයි ඉතින් එයාලගෙ සර්විස් එක හොඳ වෙන්නේ ඔබ එතැනට නිතරම යන එන හොඳට ටිප්ස් දෙන කෙනෙක් වුණොත් තමයි. ඒ කොහොම වුණත් පිලාවුස් කොත්තුවේ දැකපු විශේෂත්වයක් තමයි හොඳම අමු මිරිස් යොදලා තිබීම. ඒ නිසා වෙනස් රසයකුත් ලැබෙනවා. 

- ධනූ (ඩේලි මිරර් ලයිෆ්)
- සේයා රූ - King’s Co

 

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00