2016 දෙසැම්බර් 24 වන සෙනසුරාදා

ඩිනර් එක ගිය අවුරුද්දේ. බ්‍රෙක්ෆස්ට් එක අලුත් අවුරුද්දේ

 2016 දෙසැම්බර් 24 වන සෙනසුරාදා, පෙ.ව. 12:00 169

 

31 රෑ කියන්නේ හැමදෙනෙක්ටම සතුට ගෙන දෙන රාත්‍රියක්. අලුත් කැලැන්ඩරයක පළමුවැනි පිටුව පෙරළෙන්න ඔන්න මෙන්න තියෙන හෝරා කිහිපයක්. අලුත් බලාපොරොත්තු අහස උසට පොදි බැඳගෙන ඉන්න වෙලාවක්. කොළඹ නගරයටත් මේ රාත්‍රියේදී නින්දක් නැහැ. නගරය පුරා තියෙන අවන්හල්, කඩසාප්පු, උද්‍යාන සියල්ල හරිම කාර්යබහුල මිනිස්සුන්ගෙන් පිරී යන රාත්‍රියක් තමයි 31රෑ. 

හැබැයි 31 රෑ කිව්වම කොළඹ හෝටල්වලට අනිත් හැමෝටම වඩා විශේෂයි. ඒ තමයි කොළඹ රාත්‍රි සාද උපරිමයට පත්වෙන්නේ 31 රැයේදියි. කොළඹ පුරා තියෙන තරු හෝටල් හැම එකක්ම වගේ හැන්දෑවේ හයේ හතේ ඉඳන් ජනවාරි පළමුවැනිදා උදෑසන වෙනතුරු සාද පවත්වනවා. ඇත්තෙන්ම මේ සාදවලට එකතුවෙන්න නම් කල් තියා ටිකට්පත් මිලදී ගන්න ඕන. රුපියල් දහදාහේ විතර ඉඳන් ඉහළට මේ ටිකට්පත් අලෙවි වෙනවා. උදාහරණයකට ගොල්ෆේස් හෝටලයේ තිබෙන එක රාත්‍රී සාදයක ටිකට්පතක් රුපියල් 12,500කට මිල වෙද්දි ගල්කිස්ස හෝටලයේ පැවැත්වෙන තවත් 31රෑ සාදයක ටිකට්පතක මිල රුපියල් 19,900යි. බොහෝවිට මේ සාදවලට එකතු වෙන්නේ කොළඹ ව්‍යාපාරික සමාජය නියෝජනය කරන උදවියයි. දිලිසෙන කළු රතු වැනි වර්ණ ඇඳුමින් සැරසිලා ඔවුන් මේ සාදවලට එකතුවෙනවා. ඇතැම් වෙලාවට අපේ කැබිනට් ඇමැතිවරු පවා මේ සාදවලදී දකින්න ලැබෙනවා.

මේ සාද වෙනුවෙන් ඉහළ මිලක් අය කරනවා වගේම ඊටම හරියන විදිහේ සේවාවක් ලැබෙනවා. මධ්‍යසාර වර්ග ගත්තත් ඉහළ වර්ගයේ විදේශ මත්පැන් පිරිනැමෙනවා. සංගීතය ගත්තම ජිප්සීස්, මේරියන්ස් වගේ නම ගිය සංගීත කණ්ඩායම් එකතුවෙනවා. DJ සංගීතය තිබෙනවා. විදේශීය ආහාර වර්ග රැසක එකතුවක් තිබෙනවා. සෑම මේසයකම වාගේ ෂැම්පේන් බෝතලයක්, වයින් බෝතලයක් තිබෙනවා. පැය 12ක් 14ක් පමණ වේලා විනෝදය ගෙන දෙන මේ රාත්‍රී සාද බොහෝවිට අවසන් වන්නේ ජනවාරි පළමුවැනිදා උදෑසන ආහාර වේලෙනුයි. 

 

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00