2016 දෙසැම්බර් 24 වන සෙනසුරාදා

Christmas Hit කරන පුඩිං - වයින් කළුකුම් මස්

 2016 දෙසැම්බර් 24 වන සෙනසුරාදා, පෙ.ව. 12:00 280

මේ එන්නේ නත්තල් සමයයි. සැමට සාමය සතුට ගෙනෙන නත්තල කියන්නේ කෑම බීමත් බොහොම සරුවට දකින්න ලැබෙන අවස්ථාවක්. ඉතින් නත්තලේ දකින්න ලැබෙන විශේෂයෙන්ම යුරෝපය නත්තල වෙනුවෙන්ම හදන කෑමබීම වර්ග ගැන ටිකක් කතාකරන්න අපි කල්පනා කළා. 

නත්තල එහෙමත් නැත්නම් ක්‍රිස්මස් කියද්දී මුලින්ම මතක් වෙන දෙයක් තමයි ක්‍රිස්මස් කේක්. විශේෂයෙන්ම රටඉඳි සහ පළතුරු යහමින් දාලා බ්‍රැන්ඩි වගේ දේකුත් යොදලා තමයි ක්‍රිස්මස් කේක් හදන්නෙ. කේක් වගේම තවත් දෙයක් තමයි ක්‍රිස්මස් පුඩිං. පළතුරු විශේෂයෙන්ම චෙරි කියන්නෙ ක්‍රිස්මස් පුඩිමක අනිවාර්ය අංගයක්. 

තවත් නත්තල් කෑමක් තමයි ක්‍රිස්මස් චට්නි කියන්නෙ. ඇපල් කැන්බෙරි වගේ පළතුරුවලින් හදාගන්නා මේ චට්නි ගොඩක් වෙලාවට ක්‍රැකර් වර්ග සහ චීස් එක්ක තමයි ආහාරයට ගැනෙන්නෙ. 

නත්තල වෙනුවෙන් විවිධ සුප් වර්ගත් පිළියෙල කෙරෙනවා. විශේෂයෙන්ම අර්තාපල්, ගෝවා, චිකන් වගේ දේවල් ක්‍රිස්මස් සුප්වලට අනිවාර්යයි.  ටර්කි කියන්නෙත් නත්තල් කෑම මේසෙදි යුරෝපීය රටවල අනිවාර්ය කෑමක්. . අපූරුවට රන් පාට වෙනතුරු රෝස්ට් කරපු ටර්කි එහෙමත් නැත්නම් ලංකාවේ භාෂාවෙන් කළුකුම් මස් කියන්නේ නත්තල් කෑම මේසය ලස්සන කරන කෑම වර්ගයක්.

ඒ වගේම ලංකාවේදි නම් ක්‍රිස්මස් දවසේදී අනිවාර්ය දෙයක් තමයි විශේෂ ක්‍රිස්මස් රයිස් එක එහෙමත් නැත්නම් නත්තල් බත. බාස්මතී සහල් යොදලා කුකුළු මස්, එළු මස් හෝ වෙනත් කැමැති මස්වර්ගයක් යොදාගෙන තමයි එය හදන්නෙ. 
කෑමවලට අමතරව ක්‍රිස්මස් කියන්නේ වයින්වලටත් ප්‍රසිද්ධ උත්සවයක්. බටහිර රටවල බොහෝ පවුල්  එදිනෙදා වයින් පානය කරන අය නිසා ක්‍රිස්මස්වලට වයින් පානය කිරීම ඔවුන් විශේෂ දෙයක් කරගන්නේ ඉස්තරම් වයින් බෝතලයක් ක්‍රිස්මස්දා කැඩීමෙනුයි.  විශේෂයෙන්ම ප්‍රංශය, ඉතාලිය වගේ රටක නමගිය වයින් වත්තකින් හදපු වයින් බෝතලයක් විවෘත කරන්න ඔවුන් කැමැතියි. ලංකාවේ අපිත් මිදි වයින් වගේම, තැඹිලි වයින්, පැඩි වයින්, කැරට් වයින් වගේ විවිධ වයින් වර්ග ක්‍රිස්මස් දා ගන්නවා. 

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00