2016 දෙසැම්බර් 10 වන සෙනසුරාදා

කොළඹදී දැනෙන නියම ජපන් කෑම සුවඳ

 2016 දෙසැම්බර් 10 වන සෙනසුරාදා, පෙ.ව. 12:00 84

TSUKIJI UOICHI කියන්නේ නම් දැරූ ජපන් අවන්හල් ජාලයක්. මේ අවන්හල් එකතුවේ පළවෙනි විදේශීය ශාඛාව තමයි කොළඹ තියෙන TSUKIJI UOICHI අවන්හල. මේක පිහිටා තිබෙන්නේ, කොළඹ 07 ආර්කේඩ් ඉන්ඩිපෙන්ඩන්ට් පරිශ්‍රයේයි. 

තරමක් මිල අධික වුණත් උසස්ම තත්ත්වයේ ජපන් ආහාර රස විඳින්න මෙතැනදී පුළුවන්. ජපන් ආහාරවලදී ප්‍රමුඛතාවයක් ලැබෙන සුෂී වර්ග රැසක් මෙතැනදී පිළිගැන්වෙනවා. Maguro, Shiromi, Shimesaba, Tamago yaki ආදිය ඒ අතරින් ප්‍රධානයි. ඒ වගේම ජපන් ආරේ චිකන් එහෙමත් නැත්නම් Yakitoriත් ගොඩක් දෙනෙක්ගේ ජනප්‍රිය තේරීමක්. 

මීට අතිරේකව ජපන් ජාතිකයන් අතර ප්‍රචලිත බත් වර්ග, සුප් වර්ග, නූඩ්ල්ස් වගේ කෑම වර්ග රැසක් මෙතනදී දැකගන්න පුළුවන්. ජපන් කෑම අපට නුහුරු නිසාම ඔවුන් මෙනු පතේ ඒ ඒ කෑම වර්ගයේ ඡායාරූපයකුත් එකතු කරලා තියෙන එක නම් ගොඩක් වටිනවා.