2016 දෙසැම්බර් 07 වන බදාදා

රිටිගල කඳු මායිමේ වන සතුන් මැද රජදහන Sun Green Resort

 2016 දෙසැම්බර් 07 වන බදාදා, පෙ.ව. 12:00 165

 

සංස්කෘතික ත්‍රිකෝණයේ පිහිටා තිබෙන හබරණ කියන්නේ එක් අතකින් සංස්කෘතිකමය වශයෙන් වැදගත්කමක් ඇති සංචාරක ආකර්ෂණ වගේම ලංකාවේ ප්‍රමුඛ පෙළේ වනජීවී අත්දැකීමක් ලබාදෙන ප්‍රදේශයක්. මේ නිසාම හබරණ කියන්නේ බොහෝ සංචාරකයන් ඇදෙන ඉසව්වක් බවට පත්වෙලා. මේ සංචාරකයන්ට පහසුකම් සැලසීමට ඉදිවුණු අලුත්ම නවාතැනක් තමයි සන් ග්‍රීන් රෙසෝර්ට් ඇන්ඩ් ස්පා. 

හබරණ පුවක්පිටිය ප්‍රදේශයේ රිටිගල කන්ද පෙනෙනා මායිමේ පිහිටා ඇති මේ හෝටලයේ සිට අනුරාධපුරය, පොළොන්නරුව, සීගිරිය, දඹුල්ල හා මහනුවර වගේ ගමනාන්ත රැසකට කෙටි වේලාවකින් ළඟා වන්න පුළුවන්. 
දහස් ගණන් සංචාරක කුරුල්ලන්ගේත් වන අලින්ගේත් පාරාදීස වශයෙන් හැඳින්විය හැකි මින්නේරිය, කවුඩුල්ල, හුරුළු වැව, ගල්කඩුවන, මානාගල, රිටිගල වගේ අභය භූමි රැසකටත් මෙතැන සිට ළඟා විය හැකියි. 

කාමර හතළිහකින් සමන්විත මේ හෝටලයේ ඒ සෑම කාමරයකටම රිටිගල කන්ද දෙසට මුහුණලා ඉදිකෙරුණු පෞද්ගලික බැල්කනියක් තිබෙනවා. වනාන්තරයක මායිමේ පිහිටා තිබුණත් මිනි බාර්, කේබල් ටීවී, වයි ෆයි, සේෆ්ටි ලොකර් වගේ නවීන පහසුකම් සියල්ලක්ම පාහේ මෙහි අඩංගුයි. 

ආහාරපාන අත්දැකීම ගැන කතා කිරීමේදී පෙරදිග අපරදිග ආහාරපාන රැසක් ඔබේ කැමැත්ත පරිදි තෝරාගන්න අවස්ථාව තිබෙනවා. ඒ වගේම ලංකාවේ උතුරු මැද කලාපයට ආවේණික වුණු ආහාර රස විවිධත්වය විඳින්නත් සන් ග්‍රීන් රෙසෝට් හොඳ අවස්ථාවක්. ඒ වගේම ආහාර පාන සැකසීමේදී කාබනිකව නිෂ්පාදනය කරන ලද එළවළු පළතුරු භාවිත කිරීමත් මෙහි විශේෂත්වයක්. 

සනත් වීරසූරිය‍
සේයා රෑ | නීල් සිරිවීර

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00