2018 දෙසැම්බර් 29 වන සෙනසුරාදා

ඉන්දුනීසියාව දෙවැනි සුනාමියත් බලාෙපාෙරාත්තුෙවන්

 2018 දෙසැම්බර් 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 75

ඉන්දිය සාගරයේ අවට රටවල 227,000කට වැඩි පිරිසක් බිලිගත් 2004 මහා සුනාමියට වසර 14ක් සැපිරුණුදා ඉන්දුනීසියාව තවත් සුනාමියකට ගොදුරු විය. මේ අනතුරින් 430ක් මියගිය බවත් 22000 උන්හිටිතැන් අහිමිව ඇති බවත් සිකුරාදා වනවිට වාර්තා විය. 

පසුගිය සෙනසුරාදා හටගත් ඉන්දුනීසියානු සුනාමියට හේතුව වශයෙන් දැක්වුණේ සාගර පත්ලේ පිහිටා තිබෙන ක්‍රැකටෝවා ගිනිකන්ද පුපුරා යාමයි. මේ වනවිට පළමු සුනාමියේ අවදානම පහව ගොස් ඇතත්, මේ ගිනිකන්ද අලුත් වටයකින් සක්‍රිය වේය යන බිය හේතුවෙන්, වෙරළබඩ "අනෙක් ක්‍රැකටු?" නමැති දූපතේ ජීවත්වන ජනතාව ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කිරීම ඇරඹී තිබේ.

ජීවිත 430කට වැඩි ගණනක්  බිලිගැනීමෙන් පසු ක්‍රැකටෝවා ගිනිකන්ද දෙවන වරටත් පුපුරා යාමට සූදානම් වන බවට ලකුණු දැන් පහළ වී ඇත. ක්‍රැකටෝවා හෙවත් ඉන්දුනීසියානු බසින් ක්‍රැකටු පිහිටා තිබෙන්නේ ජාවා හා සුමත්‍රා දූපත් අතර ඇති සුන්ඩා සමුද්‍ර සන්ධිය  තුළය. පසුගිය සෙනසුරාදා එය පුපුරායාමත් සමග සුනාමි පමණක් නොව සාගරය තුළ නායයාම් ද හටගෙන ඇතැයි විශ්වාස කෙරේ. මාරක ජල තරංග මේ හේතුවෙන් ප්‍රතිඵල විය. විපතින් තුවාල ලත් පිරිස දහසකට අධිකය.

ක්‍රැකටෝවා ගිනිකන්ද සැබවින්ම යමහල් දූපතකි. ඉන්දුනීසියාවේ ලැම්පුන්ග් පළාතේ එය පිහිටා තිබේ. 1883 වසරේදී ක්‍රැකටෝවා ගිනිකන්ද බිහිසුණු අන්දමින් පුපුරා ගියේය. එය 1927 වසරේදීද පුපුරා ගිය අතර එහි ප්‍රතිඵලයක් ලෙස "අනෙක් ක්‍රැකටු" නම්වූ මෙම දූපත බිහිවිය. ඉන්දුනීසියානු බසින් එහි අර්ථය (ක්‍රැකටෝවාගේ දරුවා) යන්නයි පසුගිය ඉරිදා දිනයේ එය නැවත වරක් පුපුරා ගියේ, දැවැන්ත අළු සහ අග්නි ජාලා විදිමිනි. ඉන්දුනීසියාවේ ජාතික ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ මේ අන්දමින් නැවත නැවතත් ගිනිකන්ද පුපුරා යාම සිදුවන නිසා අලුත් සුනාමි හටගැනීමට හැකියාව පවතින බවයි.

සුනාමි රළ ඇති වූයේ ඉන්දුනීසියානු වේලාවෙන් පස්වරු 2.30ට පමණය. එදින නිවාඩු දිනයකි. එසේම සාමාන්‍යයෙන් සුනාමියක් හටගන්නා අවස්ථාවේදී සාගරයේ ජල කඳ, සාගරය තුළට ඇදීයාම සිදුවන නමුත් මෙවර එවන්නක්ද සිදු වී නැත. මේ අනුව, ගිනිකන්ද ආශ්‍රිත මුහුදේ බෝයාවන් තිබුණත් අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමට තරම් වෙනසක් සාගරයේ හටගෙන තිබූ බව සිතිය නොහැක. අවසානයේ සිදුවූයේ බටහිර ජාවාහි ජනප්‍රිය සංචාරක නිකේතන සහමුලින්ම ජලයෙන් යට කරමින් ගස් මුලිනුදුරා දමමින් මෝටර් රථ ආදිය ගසාගෙන යන තරම් ප්‍රබල සුනාමි රළ පහරකට වෙරළබඩ ජනතාව ගොදුරු වීමයි.

2018 සැප්තැම්බරයේදී ඉන්දුනීසියාවේ සුලෙවෙසි දූපත්වලට පුද්ගලයන් 2000කට මරු කැඳවන ප්‍රබල භූ කම්පනයක් හට ගත්තේය. එමගින් පාවුළු දූපතට කුඩා සුනාමි තත්වයක්ද ඇතිවිය. 2004 දෙසැම්බරයේ හටගත් සුනාමිය හේතුවෙන් ඉන්දියානු සාගරය ආශ්‍රිතව වාර්තා වූ මරණ ගණන 228,000කි. එයින් අති බහුතරය ඉන්දුනීසියානුවන්ය. දන්නා ඉතිහාසය තුළ ශ්‍රී ලංකාව සුනාමි අත්දැකීමට මුහුණ දුන්නේද එම 2004 වර්ෂයේදීය. රටවල් 13කට එම සුනාමි අනතුර එදා මහා ඛේදවාචකයක් සේ බලපෑවේය.

 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 12:31
 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30