2018 දෙසැම්බර් 29 වන සෙනසුරාදා

නවාස් ෂරීෆ් වසර 7 කට හිරේ

 2018 දෙසැම්බර් 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 52

තම සම්පූර්ණ වත්කම් හෙළි නොකිරීමේ චෝදනා මත ඉස්ලාමාබාද්හි පිහිටි දූෂණ විරෝධී අධිකරණයක් විසින් පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ට වසර හතක සිරදඬුවමක් නියම කරන්නට යෙදිනි. අදාළ චෝදනා ප්‍රතික්ෂේප කරන හිටපු අගමැතිවරයා පසුගිය ජූලි මස වෙනත් දූෂණ චෝදනාවකට සිරගත කරනු ලැබිණි. නමුත් පසුව ඉස්ලාමාබාද්හි ඉහළ අධිකරණයක් විසින් වසර දහයක අත්හිටවූ සිර දඬුවමක් සමග ඔහු ඇප මත නිදහස් කරන ලදී. සෞදි අරාබියේ පිහිටි යකඩ කර්මාන්ත ශාලාවක අයිතිය සහ සමහර ආදායම් තහවුරු කිරීමට අපොහොසත් වීම ඔහුට එරෙහිව ඇති චෝදනාවයි.

නවාස් ෂරීෆ් සිරගතව සිටින අතරතුර පැවැත්වූ මහ මැතිවරණයෙන් ඔහුගේ පක්ෂය පරාජයට පත්විය. හිටපු ක්‍රිකට් නායක ඉම්රාන් ඛාන් නියෝජනය කරන පී.ටී.අයි. පක්ෂයට වැඩි ආසන ගණනක බලය හිමි වූ අතර, දූෂණය මැඩලීම ඔවුන්ගේ ප්‍රධාන මැතිවරණ පොරොන්දුව විය. ඉස්ලාමාබාද්හි අධිකරණය මෙම දඬුවම නියම කළේ, පෙර පැවති දූෂණ චෝදනාවලට අමතරව තවත් චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් ඔහු වරදකරුවීම හේතුවෙනි. මීට පෙරද දූෂණ චෝදනා එල්ලවීම හමුවේ ඔහු සිර දඬුවමට ලක් වූ අතර පසුව ඔහු ඇප මත මුදා හැරුණි.

කෙසේ වෙතත් මෙවර අධිකරණය ලබාදුන් තීන්දුව සම්බන්ධයෙන් අදහස් පළ කරමින් හිටපු පාකිස්ථාන අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් ප්‍රකාශ කළේ මෙම සියලු තවත් චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවයි. දූෂණවලට වරදකරු වූ පාකිස්තානයේ හිටපු අගමැති නවාස් ෂරීෆ්ට මෙම තීන්දුව ලබාදෙන අවස්ථාවේ අධිකරණය අවට දැඩි ආරක්ෂාවක් යොදා තිබිණි. අධිකරණය පිටත සිටි ඔහුගේ ආධාරකරුවන්ට පොලිසිය කඳුළු ගෑස් සහ බැටන් පොලු ප්‍රහාර එල්ලකර තිබුණි.