2018 දෙසැම්බර් 29 වන සෙනසුරාදා

කෙන්යාවේ මොම්බාසා වරායත් චීනයට සින්න වන ලකුණු

 2018 දෙසැම්බර් 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 127

කෙන්යාවේ ප්‍රධානම වරායක් වන මොම්බාසා වරාය චීන රාජ්‍ය බැංකුවක් වන එක්සිම්  (China Exim Bank) බැංකුවට සින්නවීමේ අවදානමක් මතුව ඇත.

මොම්බසා වරාය සහ එහි සියලු වත්කම්, කෙන්යාවේ පරමාධිපත්‍ය බලයට යටත් නොවන ඇපකරයක් බවට කොන්දේසි පනවමින් අ‍ෙමරිකානු ඩොලර් බිලියන 2.3ක මුදලක් කෙන්යා රජය ලබාගෙන ඇති අතර එම මුදල කෙන්යා දුම්රිය සමාගමේ කටයුතු සඳහා යොදවා තිබේ.

එම මුදල් මොම්බාසා – නයිරෝබි දුම්රිය මාර්ගයක් ඉදිරිකිරීම වෙනුවෙන් වැයකොට ඇති බවත් එම ඉදිකිරීම් සඳහා සේවා සපයා ඇත්තේද  China Roads and Bridges Corporation (CRBC) යන චීන සමාගමක් වන විසිනි. මෙම සමාගමද, චීන රජයට අයත් China Communications Construction Company (CCCC) ට අනුබද්ධිතය.

කෙසේ වෙතත් කෙන්යාවේ විගණකාධිපති එෆ්.ටී. කිමානි ප්‍රකාශ කර සිටියේ චයිනා එක්සිම් බැංකුව වෙත කෙන්යාව ගෙවීමට ඇති ණය වාරික, පොරොන්දු වූ පරිදි ගෙවීමට නොහැකි වන්නේ නම් මොම්බසා වරාය චීනයේ දේපළක් බවට පත්වීමේ අවදානමක් ඇති බවයි.