2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා

නත්තල් තරුව දැන් රෑ අහසේ

 2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 217

නත්තලත් සමඟ සිහියට එන්නේ බෙත්ලෙහෙම් තරුවයි. ජේසු බිළිඳුන් උපන් සමයේ අහසේ ගමන් ගනිමින් නිරිඳුන්ට මඟ කියූ දීප්තිමත් තරුව සිහිපත් කරවන අපුරු ආකාශ වස්තුවක් මේ දිනවල අහසේ දක්නට ලැබේ. වසර 70කට පසු පොළොවට ළඟා වූ දීප්තිමත් වල්ගා තරුවයි. දෙසැම්බර් 16 පෘථීවියට හොඳටම කිට්ටු කළ මේ වල්ගා තරුව නත්තල් සතිය පුරා අහස සරසයි.

මේ වනවිට ලෝකය පුරා තාරකා විද්‍යාලෝලීහු 46P/Wirtanen නමැති 2018 වසරේ අපට දිස්වන දීප්තිමත්ම වල්ගා තරුව නැරඹීමට ලක ලෑස්තිව සිටිති. මේ වල්ගා තරුව මුලින්ම දැක හඳුනාගත්තේ 1984දී තාරකා විද්‍යාඥ කාර්ල් වර්ටෙනන් විසිනි. ඉතා වේගයෙන් හිරු වටා යන මෙය සෑම වසර 5.4කට වතාවක් එලෙස රවුමක් සම්පූර්ණ කරයි. මේ වල්ගා තරුව දීප්තිමත්ව දැකීම අසීරු එකකි. ගිය වතාවේ එය පෙණුනේම නැත. ඒ ඉරට මුවා වූ හෙයිනි. ලබන වතාවේ හෙවත් 2024 දී ද තත්ත්වය එලෙසය. එනිසා වල්ගා තරුව හොඳින් දිස්වන වසර 70කට පසු එළැඹි මේ වතාව ජේසු උපත මෙන්ම අතිශය දුර්ලභ උත්කර්ෂවත් මොහොතකි.

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00