2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා

ග්‍රේස් මුගාබේට වරෙන්තු!

 2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 35

සිම්බාබ්වේ රාජ්‍යයේ හිටපු ජනාධිපති රොබට් මුගාබේගේ බිරිඳ වන ග්‍රේස් මුගාබේ අත්අඩංගුවට ගැනීම සඳහා දකුණු අප්‍රිකානු අධිකරණයක් වරෙන්තු නිකුත්කර තිබේ. ගේබ්‍රියල් එන්ගෙල්ස් නමැති මෝස්තර නිරූපණ ශිල්පිනියකට හිරිහැර කිරීමේ චෝදනාව මත සිම්බාබ්වේ හිටපු ජනාධිපති බිරිඳ වන ග්‍රේස් මුගාබේ මෙස අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබේ.

ජොහැනර්ස්බර්ග් නගරයේ පිහිටි හෝටල් කාමරයකදී ග්‍රේස් මුබාබේ තමන්ට පහර දුන් බව මෙහිදී එම නිරූපිකාව චෝදනා නඟා තිබේ. ඒ සඳහා ග්‍රෙස් මුගාබේ විදුලි රැහැනක් යොදාගත් බවද ඇය අනාවරණය කර ඇත. 2017 දී මෙම අකටයුත්ත සිදුව ඇත. කෙසේ වෙතත් ඊට ප්‍රතිචාර දක්වමින් තමන් එසේ ඇයට පහර දුන්නත්, එය දුෂ්ට චේතනාවකින් තොරව හුදෙක් ආත්ම ආරක්ෂාව වෙනුවෙන් කළ කටයුත්තක් බවට ග්‍රේස් මුගාබේ පවසා තිබුණි.

මෙම වරෙන්තුව නිකුත් කර ඇත්තේ දකුණු අප්‍රිකාවේ අධිකරණයකිනි. හිටපු ජනාධිපති ආර්යාව මේ වනවිට සිම්බාබ්වේ රාජ්‍යයේ සිටීම හේතුවෙන් ඇය අත්අඩංගුවට ගැනීමට නොහැකි බැවින් ඒ සඳහා ජාත්‍යන්තර පොලීසියේ සහය පැතීමට දකුණු අප්‍රිකානු පොලීසිය බලාපොරොත්තුවෙයි.